චින ප්‍රාථමික පාසලක ළමුන් ලංකාවට යුවාන් 100000ක් පරිත්‍යාග කරයි
- 2022-04-24 16:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චිනයේ හැංගුසු හි කායිහේ අංක 03 ප්‍රාථමික පාසලේ සිසුන් විසින් ශ්‍රී ලංකාව වෙත යුවාන් ලක්ෂයක් පරිත්‍යාග කර තිබේ. මෙය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 50ක මුදලකි.
එම සිසුන්ට දෙමාපියන් විසින් එදිනෙදා වියදමට ලබාදෙන මුදල් (පොකට් මනී) මෙසේ ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම මුදල් ශ්‍රි ලංකාවේ බලපෑමට ලක්ව ඇති පාසල් සිසුන් වෙත ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලය පවසයි.
එසේම ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙම සිසුන් විසින් ශ්‍රී ලංකාවට සුබ පැතුම්ද එක්කර තිබේ.
මෙම සිසුන් කිසිඳු දිනක ශ්‍රී ලංකාවට පැමිණ නොමැති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ කිසිවෙක්ද නොදන්නා බව තානාපති කාර්යාලය පවසයි.
තම වයසේම පසුවන ශ්‍රී ලංකා සිසුන් වෙනුවෙන් උපකාර අවශ්‍ය බව පමණක් ඔවුන් දන්නා බවත් තානාපති කාර්යාලය පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments