චීනයේ යැංසි ගංගාවට උඩින් මතු වූ සැබෑ ’’ස්පයිඩර් මෙන්’’
- 2021-12-06 16:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
"ස්පයිඩර් මෑන්" කතා මාලාව සිහි ගන්වන දසුනක් නිරතදිග චීනයේ චොන්ග්කින්ග් හි යැංසි ගංගාව ආශ්‍රිතව දැකගත හැකිය.
ඒ මෙම ගංගාව හරහා ඉදිකෙරෙන බෙයිහ්ටාන්-ජින්ග්ෂු අධි වෝල්ටීයතා විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යෘපෘතියේ කොටසක් ඉදිකිරීම සඳහා කාර්මික ශිල්පීන් යැංසි ගංගාවට මීටර් 100ක් පමණ ඉහළින් සිදුකරන අවදානම්සහගත ඇවිදීම් නිසාය.
සීත සෘතුවේ දැඩි සීතලද නොතකා දිනපතා පැය 6ක් ඔවුන් නොනවත්වා මෙම ඉදිකිරීම් සිදුකරන අතර, මේ නිසාම මෙම කාර්මික පිරිස "ස්පයිඩර් මෙන්" (මකුළු මිනිසුන්) යනුවෙන් චීන මාධ්‍ය උපුටා දක්වයි.
කිලෝවොට් 800ක සෘජු ධාරා සම්ප්‍රේෂණයක් සහිත මෙය බෙයිහ්ටාන්-ජින්ග්ෂු අධි වෝල්ටීයතා විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යෘපෘතියේ කොටසක් ලෙස රටේ බටහිර සිට නැගෙනහිරට බලශක්ති සම්ප්‍රේෂණය සිදුකරනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments