Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයේ ලෝන්ග් මාර්ච් රොකට් මාලාව සිකුරාදා උදෑසන නව චන්ද්‍රිකා සමූහයක් අභ්‍යවකාශයට රැගෙන යමින් සිය 400 වැනි දියත් කිරීම සම්පූර්ණ කළේය.

ලෝන්ග් මාර්ච්-4B රොකට්ටුවක් වයඹදිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පෙරවරු 8:11 ට ගමන් ආරම්භ කළ අතර, එය චන්ද්‍රිකා 05ක් සාර්ථකව සැලසුම් කර ඇති කක්ෂයට රැගෙන යන බව චීණයේ අභ්‍යවකාශ විද්‍යා සහ තාක්ෂණ ආයතනය (CASC) පවසයි. මෙම චන්ද්‍රිකා අභ්‍යවකාශ ගවේෂණ සහ නව තාක්ෂණික පරීක්ෂණ සඳහා යොදා ගැනේ.

පසුගිය වසර 51 තුළ, 1970 දී ලෝන්ග් මාර්ච්-1 හි පළමු ගුවන් ගමනේ සිට, ලෝන්ග් මාර්ච් රොකට්ටු චීනයේ අභ්‍යවකාශ දියත් කිරීම්වලින් 92.1%ක් සඳහා භාවිත කර ඇත.

පළමු දියත් කිරීම් 100 වසර 37ක් පුරා සිදු වූ නමුත් පසුව අභ්‍යවකශ ගමන් වැඩිවීමට පටන් ගත්තේය: ඊළඟ 100 සඳහා වසර හතහමාරක් ගත විය, තුන්වැනි 100ට වසර හතරක් සහ මාස තුනක් ගත විය, සහ සිව්වැන්නට ගත වූයේ වසර දෙකයි මාස නවයක් පමණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.