Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනය පුරා 3 සහ 11 අතර ළමයින් මිලියන 84.4කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති අතර, ඔවුන්ගෙන් මිලියන 49.4කට වැඩි පිරිසකට දෙවැනි මාත්‍රාවද ලබාදී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය බලධාරීන් මෙම වයස් කාණ්ඩයේ එන්නත් කිරීම ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යනු ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) නිලධාරියෙකු වන වූ ලියෑන්ග්යූ මාධ්‍ය හමුවකදී පැවසීය.

වෛද්‍යමය ප්‍රතිවිරෝධතා නොමැති වයස අවුරුදු 3 ත් 11 ත් අතර සියලුම දරුවන්ට මේ වසර අවසන් වනවිට එන්නත් ලබාදීම සම්පූර්ණ කළ හැකි බව හෙතෙම පැවසීය.

විශ්ව විද්‍යාල, ද්වියිතීක පාසල් සහ ප්‍රාථමික පාසල් රටෙහි ඒකාබද්ධ යෙදවීම මත පදනම්ව එන්නත් ලබා දීම ඉදිරියට ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන වැන්ග් ඩෙන්ග්ෆෙන්ග් පැවසුවේ වයස අවුරුදු 18 ට වැඩි චීන සිසුන්ගෙන් 95%කට වැඩි ප්‍රමාණයක් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන ඇති බව තහවුරු කරමිනි.

සිකුරාදා වන විට චීනය පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 2.37කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, බිලියන 1.074කට ආසන්න ජනතාවක් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.