ජනපතිගේ වියට්නාම සංචාරය හෙට

2025 මැයි මස 05 පෙ.ව. 10:57 - {{hitsCtrl.values.hits}}  

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මීළඟ විදෙස් සංචාරය වන වියට්නාමයේ තුන් දින නිල සංචාරය හෙට ආරම්භවීමට නියමිතය.

ජනපතිවරයා සමග මෙම සංචාරයට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හා රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්වීමට නියමිතව තිබේ.

ජනපතිවරයා එරට රැදී සිටින කාලය තුළදී වියට්නාමයේ ජනාධිපති හා අගමැති ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මෙම සංචාරයේදී වියට්නායම හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය. වියට්නාමයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනයද ජනපතිවරයා මෙම සංචාරයට සමගාමීව සිදු කිරීිමට නියමිතව තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...