Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජපාන අග්‍රාමාත්‍ය යෝෂිහයිඩේ සුගා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සඳහන් කළේ ‍මේ මාසයේ පක්ෂ නායකයා ලෙස නැවත තේරී පත්වීමට තමන් අපේක්ෂා නොකරන බවයි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සෞඛ්‍ය හේතු නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග සුගා මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජපාන අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්විය.

එසේම මේ වන විට ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රේණිගත කිරීමද ඉතිහාසයේදී පහළම අගයට පත්ව තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් සුගා මහතාගේ ශ්‍රේණිගත කිරීම් මේ අනුව පහළ බැස තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජපානය තුළ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක අතර මේ වන විට ජපානය එහි කොවිඩ් වසංගතයේ දැරණුව තත්ත්වයට පත්ව තිබේ.

ජපානයේ කොවිඩ් රෝගීන් මිලියන 1.5කට ආසන්නව වාර්තා වී ඇති අතර එරට එන්නත් ලබාදීමද මන්දගාමී වී තිබේ.

වසංගතය නරක අතට හැරෙමින් තිබියදීත් මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපානය ගත් තීරණය එරට ජනතාවගේ විවේචනයට පත්ව ඇති අතර එම තිරණය අතිශය ජනප්‍රිය නොවන බවට සනාථ වී තිබේ.

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ තීරණයත් සමගින් එරට කොටස් වෙළඳපොළ දශක තුනකට පසු එහි ඉහළම අගයට පැමිණ තිබේ.

ටෝකියෝ මූල්‍ය වෙලඳපොලවල් දැනටමත් ශක්තිමත් වී ඇති අර ආණ්ඩු පක්ෂයේ නායකත්ව තරඟය සහ වසර අවසානයේ පැවැත්වෙන මහ මැතිවරණයක් ඉදිරියේ ශක්තිමත් රජයක් සඳහා වූ බලාපොරොත්තු මත ය.

පාලක එල්ඩීපී පක්ෂය එහි නායකයා  තෝරා ගැනීම සඳහා සැප්තැම්බර් 29 දින මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එම පක්ෂයට පාර්ලිමේන්තු බහුතරයක් ඇති හෙයින් නායකත්ව මැතිවරණයේ ජයග්‍රාහකයා ජපානයේ නායකයා වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

ස්ට්‍රෝබෙරි ගොවි පවුලක උපත ලැබූ 72 හැවිරිදි සුගා 1987 දී යොකොහාමා නගර සභාවට ප්‍රථමයෙන් තේරී පත් වූ අතර 1996 දී ඔහු ප්‍රථම වරට ජපාන පාර්ලිමේන්තුවට තේරී පත් විය.

2005 දී අගමැති ජුනිචිරෝ කොයිසුමි ඔහුව අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන ජ්‍යෙෂ්ඨ උප ඇමතිවරයා ලෙස පත් කළේය.

ඊළඟ වසරේදී කොයිසුමි මහතාගේ අනුප්‍රාප්තිකයා වූ ෂින්සෝ අබේ 2007 වසර දක්වා ඔහු දැරූ කැබිනට් තනතුරු තුනක් සමඟ ඇමති ධුරයට උසස් කළේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.