Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික පාසල් 1000ක්

  • 2020-08-18 13:38:00
  • 0 Comments

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රගමනය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී.

මෙහිදී පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්, සිසුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන ඇතුළු අනෙකුත් අදාළ පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් දැනට පවතින විෂය මාලාවන් සහ ඉගැන්වීම් ක්‍රමවේදයන් සංශෝධනය සඳහා අවශ්‍ය උපදේශන ලබාගැනීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් දැක්වීය.

ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ ප්‍රවේශය ඉහළ සිට පහළට යැවීමක් නොව, පහළ සිට ඉහලට ගලා ඒමක් බැවින් තීරණ ගැනීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් අදාළ සියලුම පාර්ශවයන් සමඟ උපදේශන ලබාගැනීමේ වැඩසටහන් සහ ප්‍රතිචාර රැස්වීම් පැවැත්වීම අතිශයින්ම වැදගත් බව අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශ කළේය.

විෂය අන්තර්ගතයන් හා රැකියා අවස්ථා අතර ඇති සබැඳියාවන්, අධ්‍යාපන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවන්වල දී වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් තුළට පාර්ශ්වීය ප්‍රවේශයන්  ඇතිකිරීම සහ පශ්චාත් කොවිඩ් සමයක ඔන්ලයින් ක්‍රමවේදය හරහා අධ්‍යාපන වැඩසටහන් ඉදරියටත් සිදුකිරීම විශාල පිළිගැනීමකට ලක්විය හැකි කරුණක් වන බවත් මෙහිදී සාකච්ඡා විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ. ජේ.එම් මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්.එම් චාල්ස් යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාව හා සම්බන්ධ විය.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්ම මහත්මීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.