ජාතික පොසොන් උත්සවයට අනුරාධපුර සූදානම්
- 2022-06-13 14:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ජාතික පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා අද (13දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
රට තුළ පවතින මූල්‍ය අර්බුදය හමුවේ පවතින දුෂ්කරතා මධ්‍යයේ ද සාම්ප්‍රදායිකව සිදු කෙරෙන ජාතික පොසොන් මංගල්‍යය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදී වන්දනාමාන කර ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් රට පුරාම පවතින ඉන්ධන ප්‍රශ්නය අනුරාධපුරයේ ද පවතින බැවින් ඊට සූදානම්ව අනුරාධපුරයට පැමිණෙන ලෙස සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික පොසොන් කමිටුවේ සභාපතිවරයා පැවැසීය.
අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්, මිහින්තලා රජ මහ විහාරයේ විහාරාධිපති පූඡ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන්, තන්තිරිමලේ රජ මහා විහාරය පූජ්‍ය චන්ද්‍රරතන නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධාන අනුශාසනා පරිදි මෙම පොසොන් සතිය 11දා සිට 17 වනදා දක්වා පැවැත්වෙන බව ඔහු කීවේය.
අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක්, යුද හමුදාව හා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් මේ වනවිට ජලාශ වල ජල මට්ටම ඉහළව පවතින හෙයින් ජාතික පොසොන් කමිටුව විසින් පනවා ඇති උපදෙස් පිළිපදින ලෙසද ජනක ජයසුන්දර මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව සඳහා විධිමත් මාර්ගෝපදේශන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර විශේෂයෙන් දුම්රිය මගින් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් මග දෙපස ඇති පටු පාලම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් පොසොන් සතිය පැවැත්වෙන දිනයන්හිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හා මස් කඩ වසා තිබෙන බවත් පැවසූ ජනක ජයසුන්දර මහතා තව දුරටත් කියා සිටියේ පූජා නගරය පුරා විද්‍යා ස්ථාන වලට සහ පරිසරයට හානියක් නොවන අන්දමින් සිය වන්දනාමාන සිදු කර ගන්නා ලෙසයි.
මේ අතර පොසොන් සතියේ ආරක්ෂක වැඩපිළිවෙළ හා රථවාහන ගාල් කිරීමේ ස්ථාන පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියද නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්....
Reply To:
Name - Reply Comment
0 Comments