ජුලි 27 දා ශ්‍රේණි තුනක් අරඹයි
- 2020-07-25 21:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 තෙක් පාසල් පැවැත්වේ. සෙසු ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කෙරේ. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද සියලු පාසල් බලධාරීන් වෙත අවධාරණය කෙරේ.
2020 මහ මැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරිම හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි මස 28, 29, 30, 31 දිනවල පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments