Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සදහා ගූගල් මෙහෙයුම් භාවිතා කිරීම සදහා වූ ගිවිසුමකට අද (25) දින ජාතික තරුණ සේවා සභාවේ දී අත්සන් තැබිණි. 

Google Classroom හා Google Workplace යෙදවුම් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සහ මෙහෙයුම් සඳහා නොමිලේ භාවිතයට ලබා දීම පිළිබද මෙම ගිවිසුම සදහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා සහ ගූගල් සමාගම වෙනුවෙන් ගූගල් ප්‍රිමියර් හවුල්කරු ෆයින්ටෙච් උපදේශන සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සුජාතා නඩේෂන් මහත්මිය අත්සන් තැබිණි.

මෙම අවස්ථාවට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ගූගල් ප්‍රිමියර් හවුල්කරු ෆයින්ටෙච් උපදේශන සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී කලෙහාන් පුල්ලේ මහතා, SMB  ශ්‍රී ලංකා හා මාලදිවයින් රාජ්‍ය ප්‍රධානී විකුණුම් කළමණාකරු ශිහාරා මොහොමඩ් මහත්මිය, SMB ශ්‍රී ලංකා හා මාලදිවයින් රාජ්‍ය ප්‍රධානී ගිණුම් කළමනාකරු යසිරු පීරිස් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.