ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලියක්
- 2021-04-07 13:42:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජල ක්‍රීඩා වෙත ඇති කැමැත්ත සහ හැකියාව ඉදිරි පරම්පරාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි තිස්ස විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ජල ක්‍රීඩා තරගාවලියක් 2021 අප්‍රේල් මස 05 වන දින ත්‍රිකුණාමලය වරායේ පෙපර්පොට් (Pepperpot) ජැටිය ඉදිරිපිට මුහුදේදී පැවැත්වීම සඳහා නැගෙනහිර නාවික විධානය විසින් කටයුතු කළ අතර, මෙම තරගාවලිය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ මඟ පෙන්වීම යටතේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ නාවික ශිල්පීය පාසල විසින් සංවිධානය කෙරිණි.
මෙම තරගාවලිය ත්‍රිකුණාමලය කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක සහ පළාත් හා කළාප අධ්‍යාපන නිලධාරීන් ඉදිරියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලද අතර, එහිදී ‘කායක්’ තරග ඉසව් ශිෂ්‍යාවන් සඳහා විවෘත, 6 සහ 7 ශ්‍රේණි, 9,10 සහ 11 ශ්‍රේණි වශයෙන් ඛාණ්ඩ තුනක් (03) ලෙස සහ ගුරුභවතුන් සඳහා එක් කායක් ඉසව්වක් වශයෙන් මෙම තරගාවලිය පැවැත්විණි. එමෙන්ම නාවික හමුදා රුවල්ඔරු සංචිතය සමග තිස්ස විද්‍යාලයේ සිසුන් එක්ව ප්‍රදර්ශනාත්මක රුවල් ඔරු තරගයක් ද පැවැත්වූ අතර, එහිදී Whaler pulling ඉසව්වක්ද පැවැත්විණි. මෙහිදී මෙම ජල ක්‍රීඩා තරග ඉසව්වන්ගෙන් දක්‍ෂතා දැක්වූවන් දිරිමත් කිරීම සඳහා ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
සති දෙකකට ආසන්න කාලයක් ජල ක්‍රීඩා සම්බන්ධයෙන් පැවැත්වූ සාර්ථක පුහුණු වැඩසටහනක් අවසානයේ පැවැත්වූ මෙම ජලක්‍රීඩා තරගාවලිය නිරීක්‍ෂණය සඳහා ත්‍රිකුණාමලය පළාත් හා කළාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, විධානයේ අණදෙන නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ත්‍රිකුණාමලය නගරය අවට පාසල්වල විදුහල්පතිවරුන්, තිස්ස විද්‍යාලයේ සිසු දරුවන්, ගුරුභවතුන් පිරිසක් මෙන්ම නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments