Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මුලතිව්, තිරුමුරිකණ්ඩි හින්දු විද්‍යාලය පරිශ්‍රය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 04 වැනි දින සිදු කෙරිණි.  

 “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යාථාර්තයක් කරගැනීම වෙනුවෙන්,  ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජානාධිපති කාර්යය සාධක බලකායේ  ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

එම ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසල් තුල; පිවිතුරු, ආදරණීය, සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම මඟින්, ප්‍රීතිමත්, නිර්මාණශිලී, විනයගරුක සහ කුසලතා සපිරි උද්යෝගිමත් පාසල් ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකෙරෙණ දිවයිනේ තෝරාගත් පාසල් පරිශ්‍ර පිරිසිදු කර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පළමු අදියර යටතේ නාවික හමුදාව පාසල් පරිශ්‍ර 26ක් දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍ර බවට පරිවර්තනය කර ඇත.

ඒ අනුව, මුලතිව්, තිරුමුරිකණ්ඩි හින්දු විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන්, එම පරිශ්‍රය පිරිසිදු කර අවශ්‍ය පිළිසකර කටයුතු සිදුකිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදුකෙරිණි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.