Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල දිස්ත්‍රික්කයේ රූමස්සල අවට මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ දැනුමින් සහ ‘ඉන්සි’ සිමේන්ති සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

නාවික හමුදා කිමිදුම් අංශය මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කිමිදුම් සහය ලබා දෙනු ලබයි.  නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ මඟපෙන්විම යටතේ දකුණු නාවික විධානට අනුයුක්ත කිමිදුම් හා ගලවා ගැනිමේ ඒකකය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා සිය දායකත්වය සැපයිමට කටයුතු කරනු ලබයි.

මෙහි සමාරම්භක උත්සවය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්, සෝමරත්න විදානපතිරන මහතා, ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති, චන්දන අලහකෝන් මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ පුහුණු විධායක සහ අණදෙන නිලධාරි, කපිතාන් (කිමිදුම්) සංජිව පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්ෂිණ’ ආයතනයෙහි අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (අවි) රොෂාන් මුදලිගම මහතා ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.(Sri lanka Nevy)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.