දකුණේ පාසල් 6ක් හෙට විවෘත කරන්නේ නැහැ
- 2021-01-10 22:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පළාතේ හෙට(11) දින පාසල් 6ක් ආරම්භ නොකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
දැනට හුදකලා කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ තුන්දුව හා මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර යන ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ පිහිටි පාසල් 6 විවෘත නොකරණ බවද ඒ මහතා පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි තුන්දුව මුස්ලිම් විද්‍යාලය, ජේ.ඩි ධර්මසේන විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ පිහිටි යෝනකපුර මිල්හාර ජාතික පාසල දික්වැල්ල කුමාරතුංග මුනිදාස පාසල, වැලිගම අරිපා ජාතික පාසල වැලිගම මුස්ලිම් විද්‍යාලය හෙට (11) විවෘත නොකරණ බවද ඒ මහතා පවසයි.
දකුණු පළාතේ සෙසු පාසල් සුපුරුදු පරිදි සෞඛ්‍ය නිර්දේශ අනුව හෙට දින විවෘත කරන බවත් දිනපතා සෞඛ්‍ය තත්වය පිළිබද සමාලෝචනය කරණ බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම්වරයා පවසයි.
දකුණු පළාතේ පළාත් සභා පාසල් 1045ක් හා ජාතික පාසල් 67ක් තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments