දයා තෙන්නකෝන් සමුගනියි
- 2020-04-17 22:41:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රවීණ ජ්‍යෙෂ්ඨ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී දයා තෙන්නකෝන් අද දින මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූවේය.
මිය යන විට 78 වැනි වියැති ඔහු මමහනුවර ධර්මරාජ විදුහලෙන් බිහි වූ සොඳුරු කලාකරුවෙකි.
එමෙන්ම ඔහු අප අතරින් වෙන්ව ගිය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමකාලීන පාසල් සඟයෙක් ද වෙයි. 1969 වසරේ සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන් සිනමාවට පිවිස ඔහු "අහස් ගව්ව", "එයා දැන් ලොකු ළමයෙක්", "බමරු ඇවිත්", "කරුමක්කාරයෝ", "සොල්දාදු උන්නැහැ", "සෙයිලම", "තරණය" වැනි සිනමා පටවල විවිධ චරිත රඟපා ඇත.
ඔහු රූපවාහිනියේ "තට්ටු ගෙවල්" ටෙලි නාට්‍යයේ උපහාසය දනවන චරිතයක් නිරුපණය කරමින් වඩාත් ජනප්‍රිය විය.ධර්මසේන පතිරාජගේ වම් ඉවුරේ සිනමා නිර්මාණයන්ගේ කැපීපෙනෙන චරිතයක් වූ ඔහු මෑතභාගයේ දායක වූ "ස්වරූප", "දේදුණු ආකාසේ" සහ "28" වැනි චිත්‍රපට ද ඔහුගේ සිනමාවලෝකනයේ නොමැකෙන මතකයන් ය.
දායන් විතාරණ මහතාගේ ෆේස්බුක් සටහනක් ඇසුරෙනි
Reply To:
Name - Reply Comment
0 Comments