Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය.

පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරු මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූහ.

“ගුරු අභිමානී” ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යතුමාගේ සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සුරතින් මෙහි දී අදාළ දීමනා ප්‍රදානය කෙරිණි.

සෞභාග්‍යයේ දැක්ම අනුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම ස්ථාපිත කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව ආරම්භ විය.

“දරුවොත් සමග හිනාවෙලා , සිංදු කියල සතුටින් ඉන්නවා වගේ දැක්කට පෙර පාසල්වල ගුරුවරුන්ගේ ජීවිතය දිහා බැලුවම ඒ අය ගතකරන්නේ ඉතා කටුක  දුක්ඛිත ජීවිතයක්.  ඒ අයගෙන් බොහෝ දෙනෙක් ආර්ථික අතින් පොහොසත් අය නෙ‍මෙයි. එහෙම වෙලත් කිසිදු දීමනාවක් නොමැතිව ස්ච්ඡාවෙන් සේවය කරන පිරිසකුත් ඒ අතර ඉන්නවා. අතලොස්සක් හැරුණම පෙර පාසල් ගුරුවරුන්ට ස්ථිර වැටුපක් ලැබෙන්නේ නැහැ කියලත් අපි දන්නවා.

මුළු රටම කොරෝනා වසංගතයට මුහුණ දීලා තියෙන මේ අවස්ථාවේ පෙර පාසල් වසා දමා තිබෙනවා. බොහෝ පෙර පාසල් ගුරුවරුන් නඩත්තු වෙන්නෙ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන සුළු මුදලකින්. මේ කාලේ ඒ මුදල ලැබෙන්නෙත් නැහැ. මේ හැමදේම ගැන බලලා තමයි අපි මේ පෙර පාසල් ගුරුවරයාව ස්ථීර වැටුපක් ලැබෙන වෘත්තීය මට්ටමකට ගෙන එන්න උත්සාහ කරන්නෙ.

එදා 2014 අය වැය ගෙන එන වෙලාවේ මුදල් ඇමතිවරයා වගේම, ජනාධිපතිවරයා විධියට පෙර පාසල්  ගුරුවරුන්ට මාසිකව රුපියල් 2500 ක දීමනාවක් ලබා දෙන්න මම යෝජනා කළා. එදා අපි බලාපොරොත්තු උනේ ඒ මුදල ක්‍රමයෙන් වැඩිකරලා පෙර පාසල් ගුරුවරුන්ට පිළිගැනීමක් ඇතිකරලා, ඔවුන්ව සමාජයේ හොඳ තැනකට ගෙන එන්න.

අපි ඡන්දෙන් පැරදුණාම ඒ දේවල්වලට මොකද වුණේ කියලා, මටත් වඩා හොඳට ඔබ දන්නවා. අපි හිතුවා 2015 බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුව පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් අපි තැබූ ඒ ආරම්භය ඉදිරියට ගෙනයාවි කියල. ඒත් ඒ අය පෙර පාසල් ගුරුවරයා කොතරම් අවතක්සේරු කළාද  කියනව නම් අපි යෝජනා කළ මාසික රුපියල් 2500 දීමනාව රුපියල් 250ට බැස්සුවා. ඒ අපිත් එක්ක තරහටද දන්නේ නැහැ.

රුපියල් 250 න් මොනවද කරන්න පුළුවන්. ඒක හරියට විහිළුවක්. ඒ මුදල ගන්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න එන්නම ඊට වැඩිය මුදලක් වැය වෙනවා.  අද අපි පෙර පාසල් ගුරුවරුන්ට  දෙන්නේ ඒ ගාන  10 ගුණයකින් වැඩි කරලා.

අපි මේ දෙන්නේ වැටුපක් නෙමෙයි. දීමනාවක්.  ජීවත් වෙන්න මේ මුදල  ප්‍රමාණවත් නැහැ කියල අපි දන්නවා. මේක විධිමත් පුහුණුවකින් පස්සේ පෙර පාසල්  ගුරුවරයා  ස්ථිර  මාසික වැටුපක පිහිටුවීම සදහා ගත්ත  ආරම්භයක් පමණක් බව ඔබ මතක තබා ගන්න.

පෙර පාසල් ගුරුවරුන් 25000 කට වැඩි පිරිසක් මෙම දීමනාව ලබා ගැනීමට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින බව පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා සඳහන් කළා. හැබැයි මේ දීමනාව ලබන්න තවත් පෙර පාසල් ගුරුවරු ඉන්නවලු . සුදුසුකම් බලල ඒ අයටත් මේ දීමනාව ලබාදෙන්න අවශ්‍ය පියවර ගනීවි කියල මම විශ්වාස කරනවා.

කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන රූපවාහිනිය මඟින් ඒ දරුවන්ට වැඩසටහන් ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙලක් දැනට සකස් කර තිබෙනවා. අපට අවශ්‍ය මෙම වසංගත තත්ත්වය පාලනය වූ වහාම නැවත දරුවන්ව මේ ගුරුවරුන් ගාවට යොමු කිරීම.

පසුගියදා අපි අධ්‍යාපන ඇමතිතුමා, ලේකම්තුමා සමඟ යළි පාසල් විවෘත කිරීමේ  හැකියාව පිළිබඳව සොයා බැලුවා. සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධ නිර්දේශයන් ලබා දුන් වහාම පියවරෙන් පියවර පාසල් විවෘත කිරීමට රජය අවධානය යොමු කරලා තියෙනවා. 

නැවත පෙර පාසල් පටන්ගත්තම ඔබ ගාවට ඒ මල් වගේ දරුවන් ආයෙත් පැමිණෙනවා. දරුවන් වෙනුවෙන් වෙහෙසෙන ඔබෙන් මම පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. 

පෙර පාසල කියන්නේ  තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත්කරන්න එපා. දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න. එයාලගෙ ලෝකේ ජීවත්වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට ඇහුම්කම් දෙන්න. ඇතැම්විට මේ දරුවන් අතරෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්න පුළුවන්. ඔවුන්වත් රැක බලා ගන්න. ඒ දරුවන්ට ගුණ යහපත්කම දයාව කරුණාව ගැන කියලා දෙන තෝතැනන්නක් බවට පෙර පාසල පත්කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා.”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.