දරුවන්ව දඬුවමින් ආරක්ෂා කරන පනත පාර්ලිමේන්තුවට
- 2025-08-21 13:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දරුවන්ට ශාරීරික දඬුවම් කරන කවර හෝ තැනැත්තෙකුට වරදකරු කිරීමේදී මාස 06ක් සිරදඬුවම් හා රු. ලක්ෂයක් දක්වා දඩ වරදකරන ලද තැනැත්තා වයස අවුරුදු 18 අඩු නම් මාස 06ට වඩා අඩු සිර දඬුවමක්ද ණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ(19දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත අනුව 308 ආ වගන්තියේ සඳහන් වයස අවුරුදු දහඅටකට අඩු යම් තැනැත්තෙකුගේ භාරකාරත්වය, භාරය හෝ ආරක්ෂකත්වය දරා සිටිමින් (ආ) දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන් කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීමට හේතුවන බවට දැනුම ඇතිව ශාරීරික බලය භාවිතා කරනු ලබන යම් ක්‍රියාවක් සිදුකරන හෝ,
(ආ) කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතුවන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදුරන, කවර හෝ තැනැත්තෙකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදුකරන බව සඳහන් කර ඇත.
ළමයින් සම්බන්ධයෙන් ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදුකරන කවර හෝ තැනැත්තෙකුට වරදකරු කිරීමේදී මාස 06ක් නොඉක්මවන්නා වූ කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ රුපියල් ලක්ෂයක් දක්වා දීර්ඝ කරන ලද දඩයක් හෝ එම දෙයාකාරයෙන්ම දඬුවම් කළ හැකි බව මෙහි සඳහන් වේ.
එමෙන්ම ඔහු විසින් එම වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක් ගෙවීමටද සිදු වේ.
මීට අමතරව වරදකරන ලද තැනැත්තා වයස අවුරුදු 18 අඩු තැනැත්තෙකු වන අවස්ථාවක දී, අධිකරණය විසින් මාස 06ට වඩා අඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් නියම කරනු ලැබි හැකි බවද මෙහි සඳහන් කර ඇත.
එමෙන්ම,
(අ) “බී” ගේ ළමයා වන “ඒ” විසින් විභාගයක් සඳහා අධ්‍යයන කටයුතු කරන ලෙස “බී” විසින් ලබා දෙන නියෝග අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කරයි. “බී” විසින් දඬුවමක් වශයෙන් “ඒ” ට බඳ පටියකින් පහර දෙයි. මෙම පහරදීම හේතුවෙන් “ඒ” ට ශාරීරික තුවාල සිදුවේ. “බී” විසින් ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කර ඇත.
(ආ) ළමා නිවාසයක රැක බලා ගන්නකු වන “ඒ” විසින් එම ආයතනයේ ළමයෙකු වන “බී” තවත් ළමයෙකුට හිරිහැර කිරීමක් නිරීක්ෂණය කරයි. දඬුවමක් වශයෙන් “ඒ” විසින් පැය ගණනක් තිස්සේ “බී” වෙත ආහාර ලබා නොදී සිටියි. “ඒ” විසින් ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කර ඇත.
(ඇ) ගුරුවරයකු හෝ විදුහල්පතිවරයකු වන “ඒ” විසින් “බී” නමැති ළමයෙකු තවත් ළමයකුගේ දෙයක් සොරකම් කර ඇති ලෙස විශ්වාස කර “බී” පාසල් රැස්වීම් වේදිකාවට කැඳවා පාසල් ශිෂ්‍ය සමූහය ඉදිරිපිට දී “බී” සොරකු ලෙස ප්‍රකාශ කරමින් “බී” ට අවමන් කරයි. “ඒ” විසින් ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කර ඇත.
(ඈ) විදුහල්පතිවරයා විසින්, අවුරුදු 16න් වයසැති පාසල් ශිෂ්‍ය නායකයා යව “ඒ” ව සිසුන්ගේ නිල ඇඳුම් අධීක්ෂණය කිරීම සඳහා යොදවනු ලබයි. “ඒ” විසින් “බී” නමැති සිසුවා පාසල් නිල ඇඳුම උල්ලංඝනය කරමින් ඇඳුම් ඇඳ සිටින බවට අනාවරණය කර ගනියි. “ඒ” විසින් විසින් “බී” අතුල් පහරක් දෙන නමුත් “බී” ට කිසිදු ශාරීරික තුවාලයක් සිදු නොවේ. “ඒ” විසින් ශාරීරික දඬුවම් ලබාදීමේ වරද සිදු කර ඇත. යනුවෙන් නිදර්ශන ඉදිරිපත් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments