දරුවන් වෙනුවෙන් එන සිහින සරුංගල්
- 2025-09-24 16:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමා පරපුර වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නිරතව සිටින උපුල් මාමා හෙවත් උපුල් වීරසිංහ සහ ප්‍රවීණ අංග රචනා ශිල්පියෙකු වන තාරක අධිකාරි එක්ව අධ්‍යෂණය කරන ලද ‘%සිහින සරැංගල්’ ළමා චිත්‍රපටය සැප්තැම්බර් 26දා සිට දිවයිනපුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය ඇරඹේ.
තම මාපියන් අහිමිව සීයාගේ රුකවරණය යටතේ හැදී වැඩී ජීවිතය ජයගන්නා දිරිය දරැවෙකු තේමා කර ගත් ‘සිහින සරුංගල්’ නවීන් රත්තානයක හා රෝහණ වන්නිආරච්ගේ නිෂ්පාදනයකි.
එම සිනමා නිර්මාණය පිළිබඳව එහි සම අධ්‍යෂකවරැන් වන උපුල් මාමා හා තාරක අධිකාරි සහ රංගනයෙන් දායක වූ ළමා රංගන ශිල්පීන් කිහිපදෙනෙකු විජය පුවත්පත සමග කළ සංවාද සටහනකි.
සිහින සරැංගල් සම අධ්‍යෂක උපුල් වීරසිංහ මහතා,
සිහින සරුංගල් නිර්මාණය වූයේ කොහොමද?
දරුවන්ට කරන චිත්‍රපටවලින් දරැවන්ගෙ ආකල්ප ගුණධර්ම වර්ධනය කරන්න ඕනි. අතීතයේ නිර්මාණය වුණ ‘හඳයා‘ බැලුවත් මෑතකාලීනව නිර්මාණය වුණ ‘හෝගානා පොකුණ’ බැලුවත් ළමයින්ට මොනවාහරි දෙයක් ඉගෙනගන්න තිබෙනවා.
මම අවුරැදු 40ක් තිස්සේ ළමයින් සමග වැඩකරන කෙනෙක් ලෙස දරැවන්ට, රසවින්දනයක් ලබාදෙන්නයි උත්සාහ කළේ. චිත්‍රපටයේ මාත් සමග සම අධ්‍යෂණයෙන් තාරක අධිකාරි දායක වුණා. චිත්‍රපටයේ කතා අදහස මගේ. ඒ අදහස තවත් වර්ධනය කරමින් සනත් භාෂ්වර කරැණාරත්න විසින් මෙහි තිරරචනය සිදු කළා.
ඔබ චිත්‍රපටය හරහා සමාජගත කරන්න උත්සාහ කරන්නෙ කුමක්ද?
ළමයා කියන චරිතය දැකලා ඉගෙන ගන්නවා. හොඳ දේ දැක්කොත් හොඳ දේ ඇහැව්වොත් හොඳ දේ ඉගෙන ගන්නවා. ඒ නිසා අපි ළමයින්ට හැමතිස්සෙම දකින්න හා අහන්න සලස්වන්න ඕනි හොඳ දේ.
චිත්‍රපයට දායකවුණු දරැවන්ගේ හැකියාවන් කෙබදුද?
අපට වඩා හොඳට රඟපානවා. විශේෂයෙන් ප්‍රධාන චරිතය රඟපෑ මෙතුක පුතා, පහන්දිගේ චරිතය රඟපෑ දියණිය වගේම සෙසු චරිත රඟපෑ දරුවනුත් කවි ගායනයෙන් දායකවුණු දරුවාත් ඉතා හොඳින් තම දායකත්වය ලබාදුන්නා.
ඔබ විජය පුවත්පත සම්බන්ධ කරගන්න අදහස් කළේ ඇයි?
විජය පුවත්පත සමග මම වසර 25ක පමණ කාලයක් කටයුතු කරනවා. විජය පුවත්පතේ ‘මල් මාමා’ අපි පොඩි කාලෙත් කියවලා ජීවිතයට යමක් ගත්තා. ඒ වගේම විජය පුවත්පත සමග දරැවන් වෙනුවෙන් දිවයිනපුරා වැඩමුළු පැවැත්වුවා. විජය පුවත්පත කියවලා ලත් දැනුමෙන් ජීවිතය ජයගත්ත ළමයි ඉන්නවා.
ඔබ සම අධ්‍යෂණයෙන් පමණක් නොව රංගනයෙනුත් දායකවෙනවා. මේ අභියෝගය ජයගත්තේ කොහොමද?
අවබෝධයෙන් කටයුතු කිරීම වගේම අනෙක් අධ්‍යෂකවරයාගෙන් ලැබුණු සහාය මෙතනදී සිහිපත් කළ යුතුමයි. මේ කතා තේමාව මගේ හිතේ තිබුණු දෙයක් නිසා චරිතය ගොඩනගා ගැනීම ඉතා පහසු වුණා.
චිත්‍රපටයේ සමඅධ්‍යෂක තාරක අධිකාරි,
ඔබගේ පළමුවන සිනමා අධ්‍යෂණය ඔබට දැනෙන්නේ කොහොමද?
‘සිහින සරුංගල්‘ මගේ පළමුවැනි චිත්‍රපට අධ්‍යෂණය වුණාට මම චිත්‍රපට 44කට අංග රචනා ශිල්පියෙකු ලෙස දායකවෙලා තිබෙනවා. ඒ වගේම චිත්‍රපට 70ක පමණ සහාය අංගරචනා ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මම මේ ක්ෂේත්‍රෙය් වසර 28කට අධික කාලයක් ලද අත්දැකීම් එක්ක තමයි මම උපුල් මාමා සමග එක්ව මේ චිත්‍රපටය අධ්‍යෂණය කළේ.
ළමයින් එක්ක සිනමා නිර්මාණයක් කිරීම පහසු කටයුත්තක් නෙවෙයි නේද?
මම උපුල් අයියා යටතේ අවරැදු 20ක් එක්ක ළමයින් එක්ක වැඩකරනවා. මේ නිසා අපිට සිනමා නිර්මාණය තුළ ළමයින් සමග කටයුතු කිරීමේදී කිසිදු ගැටලුවක් ඇතිවුනේ නෑ.
ළමා චරිත රඟපෑ දරැවෝ කිහිප දෙනෙක් විජය පුවත් පත සමඟ සිය අදහස් දක්වමින්.
බමාෂා චතුර්යා
මම රඟපෑවේ පහන්දි කියන චරිතයයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සිතුම්ගේ හොඳම යහළුවා විදිහටයි මම රඟපෑවේ. අපි පාසලේදී යහළුවන් සමග කතාබහ කරන විදිහට, හැසිරෙන විදිහට තමයි මේ චරිතය තුළ රඟපාන්න තිබුණේ. ඒ නිසා කිසිම ගැටලුවකින් තොරව මට මේ චරිතය කරගන්න පුළුවන් වුණා.
උපුල් මාමා සහ තාරක මාමා අපිට ගොඩක් ආදරයෙන් රඟපාන්න ඕනි විදිහ කියලා දුන්නා. අපි ඒ විදිහටම රඟපෑවා.
මම මේ වනවිට හොරණ රාජකීය විද්‍යාලයේ 10වැනි ශ්‍රෙණ්යේ ඉගෙනුම ලබනවා. මගේ ඉදිරි බලාපොරොත්තුව නීතිඥවරියක් වීමයි. විනෝදාංශයක් ලෙස රංගනයේ නිරත වීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.
මෙතික සෙනරත්
මේක සුපිරි චරිතයක්. සීයා සමග ජීවත්වන තනිවම ඉගෙනගෙන, මහන්සිවෙලා වැඩකරලා ජීවිතය ජයගන්න ළමයෙකුගේ චරිතයක් තමයි රඟපෑවේ. මෙතනදි නවීන් අයියට හා තාරකා මාමා හා උපුල් මාමාට ස්තූතිවන්ත විය යුතුයි මාව මේ චරිතයට ගත්තට.
එසේම හේමසිරි ලියනගේ මාමා එක්ක රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක්. ඒ මාමාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
මම මේවනවිට මොරටුව වේලස් කුමර විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මම මේ වනවිට චිත්‍රපට 15කට මම රංගනයෙන් දායකවෙලා තිබෙනවා.
ඒ වගේම මම %‘මානික්කාවත’ ටෙලි නාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් පිනකල් සම්මාන උලෙළේදී හොඳම ළමා නළුවාට හිමි සම්මානය 2023 හා 2024වලදී දිනාගැනීමටත් සමත් වුණා.
සිතුම්දි විහස්නා
සඳිනි දිලස්නා
මේක අපි දෙන්නගේ පළමු සිනමා රංගනය. රොෂාන් රණවන අංකල්ගේ දියණියන් දෙදෙනා විදිහට තමයි අපි රගපෑවේ. චිත්‍රපටයේ මැද භාගයේදී තමයි අපේ චරිත එන්නේ.
චිත්‍රපට කාලය තුළ හරිම විනෝදජනකයි වගේම ලොකු අත්දැකීම් ගොඩක් ලබාගන්න පුළුවන් වුණා. අපි දෙන්නගේ පියා තමයි චිත්‍රපටයේ සම අධ්‍යෂණය කළ තාරක අධිකාරි. තාත්තාගෙන් හා උපුල් මාමාගෙන් ලැබුණු උපදෙස් අපට චරිතය ගොඩනගාගන්න උදව්වුණා..
නිරෝෂාන් ප්‍රේමරත්න
Reply To:
Name - Reply Comment
0 Comments