2025 ජුනි මස 16 පෙ.ව. 04:21 - {{hitsCtrl.values.hits}}
ගර්භිනි මවුවරුන්ට දරු ප්‍රසූතියට දින 02කට පෙර සිට ඉදිරි දින 07ක් ඇතුළත චිකුන්ගුන්යා රෝගී ලක්ෂණ මතුවුවහොත් උපදින ළදරුවාට එය වැළඳිය හැකි බවත් ඒ අනුව දරු ප්‍රසූතියෙන් පසු සතියක් පමණ මව හා ළදරුවා රෝහලේ තබා ගැනීමට උපදෙස් දී ඇති බවත් කොළඹ වෛද්‍ය පීඨයේ නාරි හා ප්‍රසව පිළිබද මහාචාර්‍ය ප්‍රබෝධන රණවීර මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සදහන් කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (11දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
කෙසේවුවද ගැබිනි මවකට චිකුන්ගුන්යා වැළදීම දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කම මගින් සිදු කිරීමට හේතු නොවන බවද පෙන්වා දුන් ඒ මහතා රෝගය හේතුවෙන් ඇතිවන ශාරීරික අපහසුතා මිස මාරාන්තික තත්තවයකට පත් නොවන බවද පැවසීය.
එසේම ප්‍රසූතියෙන් පසු දරුවාට මවුකිරි ලබාදීමට හැකියාව පවතින බව මහාචාර්‍යවරයා අවධාරණය කළේය.
මහාචාර්ය ප්‍රබෝධන රණවීර මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ චිකුන්ගුන්යා වැලඳී ගර්භිනී මවුවරුන්ට ඇතැම්විවිට ගබ්සා වීම් හා කුස තුළදී දරුවා නැතිවීමේ අවස්ථාද ඇතිවිය හැකි බැවින් රෝගය වළක්වා ගැනීමට සියලු දෙනා කටයුතු කල යුතුව පවතින බවයි.
![]() |
diary Read more... |