Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දහම් පාසල් අධ්‍යාපනයට බාධක රැසක් ඇති බවත් දහම් පාසල් ගුරු පරමාදර්ශී සිද්ධාන්තය තුළ ඒ බාධක ඉවත්කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වසර ආරම්භයේ (2023.01.01) ආගමික වතාවත් සඳහා සහභාගි වූ අවස්ථාවේදීය.

කැලණිය රජමහා විහාරයේ දී ආගමික වතාවත් සිදුකළ  අග්‍රාමාත්‍යවරයා, කැලණි රජ මහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් බැහැ දුටුවේය.

අනතුරුව, නාරාහෙන්පිට  අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා අභයාරාමයේ පැවති දහම් පාසල් ගුරු පුද උළෙලට සහභාගි විය.

"අපේ රටේ බෞද්ධ ප්‍රබෝධයට නායකත්වය දුන් බෞද්ධ සංගම් හා ඒ නායක නායිකාවනට දහම් අධ්‍යාපනය විවිධ මඟ පෙන්වීම් කළා. බුදුරජාණන් වහන්සේ වදාල ධර්මය අප කාටත් අවබෝධ කරගැනීමට හැකි වන්නේ ඒ ශාසනික මෙහෙවර නිසයි.

ඒ වගේම ඊට සම්බන්ධව කටයුතු කරන ගිහි පාර්ශ්වයේ දහම් පාසල් ගුරුවරුන් නිසයි. ලේඛණ කලාව නිසා අවුරුදු  දෙදහස් හයසීයකට උරුමකම් කියන බුද්ධ දර්ශනය පරම්පරාවෙන් පරම්පරාවට තවත් ශතවර්ෂ ගණනාවක් අවබෝධ කරගෙන අනුගමනය කරන ගිහි සමාජයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා දහම් පාසල් ගුරුවරු ලෙස දරුවන්ට ධර්මය අවබෝධ කර දෙන්නට තම ජීවිතය කැප කිරීම මහඟු උතුම් පුණ්‍ය කර්මයක්. ධර්මය ජීවමාන වන්නේ මහ සගරුවන සහ දහම් පාසල් අධ්‍යාපනය නිසයි.

එය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගුරුභවතුන් ඉටුකරන කාර්යභාරය අඛණ්ඩව පවත්වා ගැනීමට ලබාදිය හැකි සියලු සහයෝගයන් රජයක් වශයෙන් ලබා දෙනවා. රටේ අනාගතය, අලුත් පරම්පරාව ධර්ම අවබෝධයෙන් නිවැරදි මගක හැදෙන්නටත්, ඔවුන් වගකීම් ඉෂ්ට කරන පුරවැසියන් වශයෙන් පරිවර්තනය කිරීමටත් දහම් පාසලෙන් ඉටුවන කාර්යභාරය අති විශිෂ්ටයි.

දහම් පාසල් පවත්වා ගෙන යන්නේ අභියෝග බාධාවන් හමුවේයි.  ඒවා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවෙනවා. ඉරිදා දිනය දහම් පාසල් අධ්‍යාපනයට යොමු විය යුතුයි.  රජය දහම් අධ්‍යාපනයෙන් අනාගත පරපුරට මග පෙන්වන්නට කළ හැකි හැම යහපත් දෙයක් ම එකතු කරනවා."

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.