Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ "දුම්බර රටා කළාල" හෙවත් දුම්බර පැදුරු යනු බිත්ති සැරසිලි, විචිත්‍ර වියමන් හෝ කුෂන් ආවරණ වශයෙන් භාවිතා කෙරෙන අතින් නිමවන ලද පාරම්පරික පැදුරු විශේෂයකි. පහළොස්වැනි සහ දහනවවැනි සියවස අතර කාල පරිච්ඡේදය තුළ රජතුමා සහ පාලක ප්‍රභූවරුන් වෙනුවෙන් තමන් ඉටු කළ යුතු අනිවාර්ය සේවයේ අංගයක් වශයෙන් රජ මාළිගය වෙත පාරම්පරික වශයෙන් සපයන ලද මෙම විසිතුරු පැදුරු, කලාසිරිගම සහ ආලෝකගම වැනි ගම් කිහිපයක වෙසෙන ‘කින්නර’ නමැති ප්‍රජාව  විසින් නිමවනු ලැබේ. අද වන විට දේශීය ගැනුම්කරුවන් සහ සංචාරකයන් සඳහා ශිල්පීන් විසින් මෙම පැදුරු වියනු ලැබේ.

මෙම දුම්බර රටා කළාල මානව වර්ගයාගේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් පිළිබඳ ගෞරවනීය නියෝජිත ලැයිස්තුවට යුනෙස්කෝව විසින් මෑතක දී ඇතුළත් කරන ලදි. 2021 දෙසැම්බර් 13-18 යන දිනවල යුනෙස්කෝ මූලස්ථානයේ පැවති අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ 2003 ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කරනු ලබන අන්තර් රාජ්‍ය කමිටුවේ 16 වැනි සැසිය අතරතුර දී එනම් 2021 දෙසැම්බර් 15 වැනි දින යුනෙස්කෝව විසින් මේ පිළිබඳව නිවේදනය කරන ලදි.

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, ශ්‍රී ලංකා ප්‍රලේඛන සේවා මණ්ඩලය, අදාළ දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ මෙම ගම්මාන දෙකේ පාරම්පරික ශිල්පීය පවුල් හා එක්ව, ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද නාම යෝජනාවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ ඔවුන් සමඟ කටයුතු කිරීමෙන් අනතුරුව යුනෙස්කෝව මෙම තීරණය ගෙන ඇත.

මෙම අභිලේඛනගත කිරීම මගින් මෙම ශිල්ප කලාව ව්‍යාප්ත කිරීම වැඩිදියණු වීම, ශිල්පය තුළ නිරත වීම ඉහළ නැංවීම, ශිල්පී පවුල් සවිබල ගැන්වීම සහ එහි ශක්‍යතාව තහවුරු කිරීම යනාදිය ඉටු වේ. එමෙන්ම වාණිජකරණය සහ අධික ලෙස ශ්‍රමය සූරාකෑම වැනි විය හැකි අන්තරායන් පිළිබඳව මෙහිදී දැනුම්වත් කෙරිණි. තවද මෙම ශිල්පය සුරක්ෂිත කිරීම සඳහා ගත යුතු පියවර දැනටමත් ආරක්ෂක සැලසුම් තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

‘දුම්බර රටා කළාල වියමන පිළිබඳ පාරම්පරික ශිල්පය’ යුනෙස්කෝවේ නියෝජිත ලැයිස්තුව තුළ අභිලේඛනගත කිරීම සම්බන්ධයෙන් යුනෙස්කෝවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිතවරිය වන මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිණිය  ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව වෙනුවෙන් යුනෙස්කෝව වෙත සිය ඉමහත් ප්‍රසාදය හා කෘතඥතාව පළ කළාය.

තවද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ශිල්පීය පවුල්, නාම යෝජනා සකස් කිරීමේ කණ්ඩායමේ සාමාජිකයන්, සාර්ථක නාම යෝජනා ලේඛනයක් සැකසීමට නන් අයුරින් උපකාර කළ හිතවතුන් මෙන්ම විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ඇගයීම් මණ්ඩලය වෙත ද එතුමිය සිය ස්තුතිය පුද කළා ය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.