Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පවතින කොවිඩ් වාතාවරණය හමුවේ බොහෝ දරුවන් නිවසටම සීමා වී සිටින මෙවන් සමයක දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් බවත් එය මැනවින් හඳුනා ගනිමින්,ඒ සඳහා සහාය වීම අතිශයින් අගය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය .

සමාගමක අරමුණ  ලාභ ලැබීම වුවත් ලැබෙන ලාභයෙන් සැලකිය යුතු කොටසක් සමාජයේ සුභ සිද්ධිය වෙනුවෙන් යොදාගැනීමට දිගින් දිගටම කටයුතු කළ සමාගමක් ලෙස නෙස්ලේ සමාගම හඳුන්වා දිය හැකි බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ  කළේය.

දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමත් ඔවුන්ගේ ශාරීරික ක්‍රියාශීලීභාවය වැඩි කිරීමත් අරමුණු කරගනිමින් මයිලෝ වෙතින් හඳුන්වාදෙන ලද ප්‍රවර්ධන වැඩසටහනේ  ජයග්‍රහක දරුවන්ට ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් පහසුකම් ඇතුළු ත්‍යාග ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ  අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති විශේෂ උත්සවයේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් මෙරට පාසල්  දරුවන් දස දහසක් වෙත රුපියල් මිලියන 10 ක් වටිනා ත්‍යාග ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් පහසුකම්, ස්කූටර්, බයිසිකල්, ස්කේට්බෝඩ්, පැසිපන්දු, පාපන්දු, skipping rope, headset හා පාසල් බෑග් ආදිය පිරිනමන අතර කොවිඩ් සමයේ නිවසටම සීමා වී සිටින දරුවන්ට ඒ හරහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමටත් ශාරීරිකව ක්‍රියාශීලී  වීමටත් සහාය වීම අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන යටතේ 2021 පෙබරවාරි 18 සිට 2021 අප්‍රේල් 18 දක්වා කාලය තුළ සෑම සතියක දීම කුසපත් ඇදීමෙන් දරුවන් දහසක් තෝරා ගනිමින් මෙම ත්‍යාග පිරිනැමීමට මයිලෝ ආයතනය සූදානමින් සිටී.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.