දෙහිවලට ආපු විෂ විදින රතු නාගයා
- 2021-12-06 16:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කොරෝනා උවදුරින් පසු නැවත විවෘත කිරීමත් සමග ලෝකයේ වෙසෙන අධික විෂ සහිත නාගයන් ඇතුලු උරග වර්ග කීපයක් ආනයනයකර මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇත. මේ අනුව මාරාන්තික විෂ සහිත " රතු දුඹුරු විෂ නාගයා " විශේෂත්වයක් සහිත සත්වයෙක්ද වේ.
මෙම සත්ව විශේෂය නැගෙන හිර අප්‍රිකානු ඝණ වනාන්තර නිජබිම කරගත් අධික විෂ විදින නාගයෙක්ද වේ .ආයූ කාලය වසර 15 සිට 20 දක්වා කාලයක්ද වන අතර, හොදින් වැඩුන නයෙක් අඩි 5 ක් පමණ දිග වන අතර, වර්ගයා බෝ කිරීම බිත්තර මගින් සිදු කරනුද ලබයි.
ඒ මෙන් තමාට අනතුරක් සිදුවීමට යන බව හැගුන විට පෙණය පුප්පා ඉහලට එසවී අඩි 8 ක් 10 ක් දුර සිටින සතුරාගේ දෙඇස් වලටම විෂ විදීමේ ස්වභාවික ශක්තියක්ද ඇති උරග වර්ගයක්ද වේ.
දෙහිවල එච් එම් ධර්මපාල
Reply To:
Name - Reply Comment
0 Comments