දෙහිවල කොවිඩ් කාලයේ උපන් අයට නම් දෙන්න අවස්ථාවක්
- 2021-12-12 07:37:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ් සමයතුළ දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලද ඔරෙක්ස් ගවපැටියා , සිලූබූරු පැටියා , හිපෝ පැටියා , බූරු පැටියා යන පැටවුන් සඳහා නම්තැබීමේ වැඩ සටහනක් සමග තෑගි ලබාදීමටද සැලසුම් සකස් කරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසීය.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිරසාර සංවර්ධන වැඩ සටහනට අනුව රුපියල් මිලියන 67 ක රජයේ ප්‍රතිපාදන යොදවා මීට වසර දෙකකට පෙර වැඩ ආරම්භ කර මේ වනවිට වැඩ අවසන් කර ඇති හිපෝ අරණ සදහා හිපෝ සතුන් මුදා හැරීම සදහා පැවති මාධ්‍යය හමුවේ අදහස් පලකරමින් එසේ පැවසීය .
සතුන්ගේ සුභ සාධන වැඩි කරමින් කූඩුවලින් බැහැරව ගතකලහැකි ඉඩකඩ සහිත සත්ව අරණවල් නිර්මාණය කර ඒ තුල සතුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසීමත් සිදු කරනු ලබන බවත් , ඒ අනුව මේ වනවිටත් සිංහයන් සදහා සිංහ අරණත් , වදුරන් සදහා වදුරු දූපතක්ද ඇති කිරීමට කටයුතූ කර තිබන බවත් අධ්‍යක්ෂවරිය පැවසීය .
දෙහිවල එච්.එම්. ධර්මපාල
Reply To:
Name - Reply Comment
0 Comments