Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

සාම්බලතිව් නයාරු සහ නන්දිකඩාල් කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමටත්, දැනට විවිධ අපද්‍රව්‍ය පිරී ඇති එම කලපු පිරිසිදු කිරීම සඳහාත් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (22) වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාත්, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාත් සහභාගී වූ අතර වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක යන මහත්මීහු සහභාගී වී සිටියහ.

ජෛව විවිධත්වයෙන් අනූන සාම්බලතිව් කලපුව වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බැවින් එම කටයුතු කඩිනම් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

එමෙන්ම නයාරු සහ නන්දිකඩාල් කලපු විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා අපවිත්‍ර වීමත්, විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා කලපු ගොඩවීම මඟින් කඩොලාන සහ කලපු ආශ්‍රිත ජීවින් රැසක් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති බවත් මෙහිදී අවධාරණය විය. එමෙන්ම ඇතැම් පුද්ගලයින් කලපු ගොඩ කර අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

එම නිසා එම කලපු දෙක ආරක්ෂා කර ගැනීමට කරුණු අධ්‍යයනය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය. එම කමිටුව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන අතර,  වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA)  නියෝජිතයින් ද මෙම කමිටුවට අයත් වේ. සති 02 ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා ලංකාවේ තිබෙන කලපුවලින් වැඩි ප්‍රමාණයක් අනවසර ගොඩකිරීම්වලට ලක්ව ඇත්තේ නැගෙනහිර පළාතේ බව ප්‍රකාශ කළේය. තමන් පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දීත් මේ සම්බන්ධව විවිධ පියවර ගත්තත්, ඇතැම් පිරිස් වෙනත් පාර්ශවවල සහයෝගය ඇතිව කලපු ගොඩ කිරීම සිදුකරන බව සඳහන් කළේය. එම නිසා මෙම කලපු වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීම මඟින් මේවා ආරක්ෂා කර ගැනීම සඳහා පවතින නෛතික තත්ත්වයන් ද ශක්තිමත් වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.