නවක වෛද්‍යවරුන් 1320ට ලබන 25 දා පත්වීම් දෙයි
- 2023-04-20 14:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවක වෛද්‍යවරුන් 1320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර එම වෛද්‍යවරුන් වැඩි වශයෙන් දුෂ්කර ප්‍රදේශයන්හි රෝහල් කරා යොමු කිරීමට පියවර ගැනේ.
මේ වන විට මෙරට සමස්ත වෛද්‍යවරුන් ප්‍රමාණය 19,0000 ක් පමණ වන අතර නව වෛද්‍යවරුන්ගේ පත්වීම් සමඟ එය 20,000 ඉක්මවයි. පසුගිය වකවානුවේ රට තුළ පැවති ආර්ථික ගැටලු මෙන්ම විවිධ ගැටලු හමුවේ වුව ද මෙලෙස වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට එක්වර පත්වීම් ලබා දීමට හැකි වීම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ලැබූ ඉහළ ජයග්‍රහණයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
මේ අතර මේ වන විට වාර්ෂිකව වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1500 ක් 1800 ක් අතර ප්‍රමාණයක් වන බවත් එය 5000 ක් දක්වා ඉහළ නැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇතැයිද ඒ අනුව එය ඉලක්ක කරමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවදුරටත් ඉහළ ගුණාත්මක වර්ධනයක් ඉදිරියේදී අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ලබන 25 වැනි දා සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කෙරෙන නවක වෛද්‍යවරුන් පශ්චාත් වෛද්‍ය සීමාවාසික වෛද්‍යවරු ලෙස මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments