Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2023 වර්ෂයේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිත බවත් එම කටයුතු නියාමනය සහ ගුණාත්මක සංවර්ධනය උදෙසා ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, කලාප මට්ටමින් සහ පාසල් මට්ටමින් නියාමන කමිටු (Steering Committees) පත් කිරීමට සැලසුම් සකස් කෙරෙන බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසී ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බැව් පැවසූයේ අද (17දා) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති රැස්වීමක් අතරතුර ය.

ඒ අනුව ජාතික මට්ටමෙන් ජාතික නියාමන කමිටුවක්, (National Steering Committee) පළාත් නියාමන කමිටු, (National Steering Committees) කලාප නියාමන කමිටු (Zonal Steering Committees) සහ පාසල් මට්ටමින් ‘පොකුරු නියාමන කමිටු (Cluster Steering Committees) අලුතින් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසී ය. එසේ ම අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ, පළාත් අධ්‍යාපන කාර්යාල,  කලාප අධ්‍යාපන කාර්යාල සහ පාසල්වලින් වඩාත් සුදුසු නිලධාරින්, විෂය අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු සහ ගුරුවරුන්ගෙන් මෙම කමිටු සංයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.

එම කමිටු මඟින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ වන සේ වාර්ෂික සහ මධ්‍ය වාර්ෂික සැලසුම් සකස් කිරීම, අයවැය සැකසීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා මඟ පෙන්වීම, නව ප්‍රතිසංස්කරණවලට අදාළ ව ආදර්ශ පාසල් පොකුරු මට්ටමින් ක්‍රියාවට නැංවීම, ඒ සඳහා අවශ්‍යවන ද්‍රව්‍ය සහ උපකරණ ලබාදීම, ඒ ඒ මට්ටම්වලින් ලබාගන්නා ඉලක්ක සහ ජයග්‍රහණ පිළිබඳ සමාලෝචනය කිරීම, අධ්‍යාපනයේ දී අඩු වේගයකින් කටයුතු කරන සිසුන් විශේෂයෙන් හඳනා ගැනීම, සමස්ත කාර්යයන්හි ප්‍රගතිය සමලෝචනය ආදී කටයුතු රැසක් ම සිදු කිරීමට අපේක්ෂිත ය.

දැනට පවතින විභාග කේන්ද්‍රීය  අධ්‍යාපනයෙන් පාසල් දරුවා නිදහස් කර ගනිමින් 21 වන සියවසට ගැළපෙන නිර්මාණශීලී, නවෝත්පාදන චින්තනය සහිත, විචක්ෂණශීලී සහ ගැටලු විසඳීමට සමත්, අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් වැඩ කළ හැකි, කණ්ඩායම් හැඟීමක් සහ  සන්නිවේදන හැකියා සහිත පුරවැසියකු බිහි කිරීම සඳහා රජය මඟින්  සිදුකිරීමට නියමිත වෙනස්කම් අතර මෙම ‘පළාත් අධ්‍යාපන මණ්ඩල’ තුළින් සුවිශේෂ දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.