Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලබන මාසය තුළ ශ්‍රි ලංකාවට නව ගුවන් සමාගම් 04 ක්  සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පසුගිය දිනවල නව ගුවන් සමාගම් 04 ක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කළ බව ද ඇමතිවරයා සදහන් කරයි.

ඒ අනුව රුසියාවේ AZUR ගුවන් සමාගම දෙසැම්බර් මස 03 වෙනිදා සිට සතියකට දෙවරක් මෙරටට ගුවන් ගමන් අරඹයි. කසකස්ථානයේ සිට  AIR ASTANA ගුවන් සේවය ද එදින සිට සතියකට දෙවරක් මෙරටට සෘජු ගුවන් ගමන් අරඹන අතර පෝලන්තයේ LOT POLISH ගුවන් සමාගම දෙසැම්බර් 08 වෙනිදා සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මීට අමතරව ඉතාලියේ සිට NEOS  ගුවන් සමාගම ලබන මස 15 වෙනිදා සිට ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිත බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

පසුගිය දින කීපය තුළ AEROFLOT, AIR FRANCE ගුවන් සමාගම් ඇතුළු නව ගුවන් සමාගම් 04 ක් සිය සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමග ආරම්භ කළ අතර නව ගුවන් සමාගම් මෙලෙස සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමග ආරම්භ කිරීම මෙරට සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීමේ කාර්යයට රුකුලක් බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් වසංගතයට පෙර මෙරටට ගුවන් සමාගම් 37 ක් පමණ ගුවන් මෙහෙයුම් සිදු කළ අතර මේ වන විට ගුවන් සමාගම් 17 ක් මගී ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කර ඇත.

ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කර ඇති ගුවන් සමාගම් ගණන 08කි. මීට පෙර ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කළ සියලු සමාගම් සමග නැවත මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සාකච්ඡා කෙරෙමින් පවති. මීට අමතරව ලෝකයේ සෙසු ගුවන් සමාගම් සමග ද ශ්‍රී ලංකාවට සෘජු ගුවන්  ආරම්භ කිරීම පිළිබද ව සාකච්ඡා කෙරෙමින් පවතින බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.