නව මදුරු විශේෂ දෙකක් හඳුනා ගනියි
- 2022-10-17 14:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මෙරටින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙන බවත්, එම මදුරු විශේෂ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් දැනට වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය කීට විද් යානිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව 2018 වසරේදී ද ඇනෝෆිලස් ස්ටොපන්සි නමැති මදුරුවාහකයා මන්නාරම ප්‍රදේශයෙන් සොයාගත් බවත්, මෙම මදුරු විශේෂය ඉන්දියාවේදී මැලේරියා වාහකයෙකු ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා සඳහන් කළේය.
මෙම පර්යේෂණ කණ්ඩායම් විසින් තවත් මදුරු විශේෂ 04ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සඳහා අදාළ නියැදි කොරියාවට යවා තිබෙන බවත්, අදාළ පරීක්ෂණ ප්‍රතිඑල මෙතෙක් ලැබී නොමැති බවත් ඔහු පවසා සිටියේය.
මේ වසරේ ගෙවීගිය කාලය තුළදී සොයාගත් Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නමැති විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබෙන බවත්, මෙම මදුරු විශේෂය රෝග වාහකයෙකුද නැද්ද යන වග තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත් මෙම වාහකයා ලෝකය තුළරෝග වාහකයෙකු වශයෙන් වාර්තා වී නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව සොයාගත් culexගණයට අයත් cx.sp near infulaකියුලෙක්ස් නියඉන්ෆියුලා නමැති මදුරු විශේෂයඉන්දියාව තුළ මොළේ මැලේරියාව රෝගය බෝ කරන Culexinfulaයන මදුරුවිශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන බවත්, ශ්‍රී ලංකාව තුළ වාහකයෙකුදනැත්ද යන වග තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත් ඔහු වාහකයෙකු වීමේ වැඩිසම්භාවිතාවක් පවතින බවත්හෙතෙම පවසා සිටියේය.
මෑත කාලය තුළසිදු වූමෙම නව සොයාගැනීම් සමග කීට විද්‍යා ක්ෂේත්‍රය තුළ සේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද වෙනස්කම් ඇතිවිය හැකිබවදදිස්නක දිසානායක මහතා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments