නැවේ ගින්න නිවා දමයි
- 2020-09-06 23:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. නාවික හමුදාව උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
මේ අතර මෙහෙයුමට එක්ව සිටි ඉන්දිය නෞකාවක කපිතාන්වරයෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යයද සඳහන් කළේ නැවේ ගින්න පාලනය කර ඇති බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්ස පසුගිය 03 දා ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාවේ ගින්න පාලනය කිරීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය.
මීට සුළු මොහොතකට පෙර ඉන්දීය නාවික හමුදාව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝවක් ප්‍රදර්ශනය කර තිබූ අතර එහිදී නැවේ දුමාරය නැවතී ඇති අයුරු දක්නට ලැබුණි.
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ අලුත්ම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ. තවදුරටත් නාවික හමුදා යාත්‍රා මගින් ගින්න පාලනය කිරීමට කටයුතු කරන අයුරු එම ඡායාරූප වල දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments