නිදහස් දිනයට සමගාමීව විශේෂ පෙරහරක්
- 2023-01-05 15:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැත්තෑපස් වන නිදහස් සැමරුමට සමගාමීව විශේෂ ජනරජ පෙරහැරක් ශ්‍රී දළදා මාළිගාවේ මූලිකත්වයෙන් පෙබරවාරි මස 18 වැනි දින පැවැත්වීමට සැලසුම් කොට තිබේ .
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ඊයේ (04) පැවති එහි මූලික සාකච්ඡාවේදී ඒ බව තීරණය වී තිබේ .
රටේ ඉතාමත් සුවිශේෂී වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රි දළදා මාලිගාව මගින් එවැනි විශේෂ පෙරහැර සංවිධානය කරන අතර මෙම පෙරහරේදී ජනරජ ලාංජනය සහිත අලි ඇතුන් පෙරහැරකින් මහනුවර නගරයේ වීදි කීපයක සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දී මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .
මෙවැනි ජන රජ පෙරහැරක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ මේ රට ජනරජයක් බවට ප්‍රකාශයට පත් කළ 1972 වසරේදී පවත්වා ඇති බවට ඉතිහාසයේ සඳහන් වන අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා සිටියේ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කළ අවස්ථාවේදී සහ යුද ජයග්‍රහණය ලබා ගත් අවස්ථාවේදී මෙවැනි විශේෂ පෙරහැර පවත්වා තිබෙන බවයි .
Reply To:
Name - Reply Comment
0 Comments