Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දීප ව්‍යාප්ත මට්ටමින් පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනට පත්කොට තිබෙන විශේෂඥයින්ගේ කමිටු නිර්දේශ ලබාගැනීමෙන් අනතුරු ව නියමු ව්‍යාපෘතියක් ලෙස එවැනි පාසල් පළාත් මට්ටමින් ආරම්භ කිරීමට ත් එහි සාර්ථකත්වය මත දිවයින පුරා එම පහසුකම සිසු දරු දැරියන්ට සපයා දීමටත් අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මේ වනවිට ලොව පුරා ම සීඝ්‍රයෙන් පැතිරීගෙන යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එලලවී තිබේ. ඒ අනුව තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවන දෙමාපියන්ගෙන් දිගින් දිගට ම ඉල්ලීම් ගලාගෙන එනවා මතුව තිබෙන ආර්ථික ගැටලු මත පාසල්වල මාසික ගාස්තු ගෙවාගැනීමට අපහසු නිසා රාජ්‍ය පාසල් පද්ධතියට එම දරුවන් ඇතුළත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නට කියා.

මෙහිදී මතුවන ගැටලුව තමයි ඒ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ම උසස් පෙළ දක්වා හදාරනු ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. නමුත් රජයේ පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය පාසල් තිබෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්.

ඒවායිනුත් ‘හර’ විෂයයන් පමණයි උගන්වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙයට ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතු බවට. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා මෙම ගැටලුව විසඳීම සම්බන්ධ ව නිර්දේශ ඉදිරිපත් කිරීමට.

ඒ අනුව කොළඹ ආශ්‍රිත කරගෙන මෙන් ම සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධාන යොමුව ඇති බවත් පැවසූවා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම එවැනි ඉංග්‍රිසි මාධ්‍ය පාසල් ලබා දිමට කටයුතු කරන්නට පුළුවන් වේවි.

ජාතික පාසල් 1,000 වැඩසටහන, ත්‍රෛභාෂා පාසල් වැඩසටහනට සමගාමී ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් ගණන 35% සිට 60 දක්වා වර්ධනය කිරිමටත්. කලා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් ගණන 25% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත්. නුගේගොඩ විජයරාම විද්‍යාලය සහ දේවි බාලිකා විද්‍යාලය ඒකාබද්ධ ව සිදුකරන්නට නියමිත ව තිබූ ව්‍යාපෘතිය අහෝසි කර එම පාසල ඉංග්‍රිසි මාධ්‍ය පාසලක් බවට පත් කරන බවත් පෙන්වා දෙනවා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.