නෙළුම් කුලුනෙන් මාසයකට ලක්ෂ 900 ක ආදායමක්
- 2022-10-16 14:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය
එය නැරඹීම සඳහා මෙරට සහ විදේශ ගත සංචාරකයින්(165000) එක් ලක්ෂ හැට පන්දහසක් පැමිණ ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරි වරයා කීය. එකී ආදායම හිමිවී ඇත්තේ නැරඹීම සඳහා පැමිණෙන අය මිලදී ගත් ප්‍රවේශ පත්‍ර වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතන වලින් ලබාගත් පහසුකම්වලින් බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.
එය ජනතා අයිතියට පත් කළ ඉකුත් සැප්තැම්බර් 15 වැනි දින පළමු දිනයේ දී විදේශිකයින් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 නැරඹීමට පැමිණ රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබාගෙන තිබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments