Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින්  දකුණු ආසියාවේ උසම  ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ”  මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදාසිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඇ. ඩො . මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇත.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකිය.ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් ඇ. ඩො . 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ. රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී  ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

මේ වන විට දේශීය ආයෝජකයන් සියයට 80ක් හා විදේශීය ආයෝජකයින් සියයට 20ක් නෙළුම් කුළුණ සඳහා ආයෝජනයට එක්ව ඇති බව ද සමරසිංහ මහතා අනාවරණය කළේය.මේ වනවිට ‍ආයෝජකයන් 58ක් සමඟ සාකච්ඡා කරඇති අතර එයින්ආයෝජකයන් 22ක් සමඟ ගිවිසුම්වලට එළඹිමට කැමැත්ත පළ කරමින් සිටී. මේ වසරේ දෙසැම්බර් 31 වන විට විවිධ උත්සව 15ක ඇණවුම් මේ වනවිටිත් ලැබී ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සඳහන් කරයි. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම සියලුම මෙහෙයුම් තවදුරටත් සාර්ථකව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් ‍කළේය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.