Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් සිදු කරන බව නාවික හමුදාව නිවේදනය කරයි.

එමෙන්ම අද දහවල් කාලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවන් දෙකක් (02) වන අමීයා හා අභීක් යන නෞකා ද්විත්වය මෙම මෙහෙයුම සඳහා එක්විය.

අද උදෑසන කාලයේදී ආපදාවට පත් නෞකාව පවතින මුහුදු ප්‍රදේශයේ යම් රළු ස්වාභාවයක් හා සුළගේ වැඩිවීමක් නිරීක්‍ෂණය වුවද එම අභියෝග හමුවේද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරිණි. අද දිනය පුරාවටම දහන අපෝෂක රසායන ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම ආපදාතත්වය මැඩ පැවැත්වීම සඳහා කටයුතු කළේය.

මෙම හදිසි ආපදා තත්වය හමුවේ ජාතික අවශ්‍යතාවයක් සේ  සලකා ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හි මැදිහත්වීම මත ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) මගින් ලීටර 5000ක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම  (HIPG) මගින් ලීටර 4600ක්, කොළඹ නැව් තඨාකාංගණය (CDL) මගින් ලීටර 1000ක්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මගින් ලීටර 2100ක්, ඉන්දියන් ඔයිල් සමාගම (IOC) මගින් ලීටර 3000ක් සහ ශ්‍රී ලංකා ඛණිජතෙල් ගබඩා පර්යන්තය (CPSTL) මගින් ලීටර 2800ක් වශයෙන් ගිණි නිවීමට යොදා ගන්නා දහන අපෝෂක රසායන ද්‍රව්‍ය නාවික හමුදාව වෙත ලබාදීමට කටයුතු කරන ලදි.

තවද, මෙම ආපදාවට පත් නෞකාව අයත් සමාගමේ මැදිහත්වීම මත 10 දෙනෙකුත් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් හෙට උදෑසන මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිත අතර, එම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුලත් වේ. එමෙන්ම මෙම විශේෂඥ කණ්ඩායම නාවික හමුදාව මගින් කල්මුණේ සිට වේග ප්‍රහාරක  යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැළසුම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03), ශ්‍රී  ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02), ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා පහක් (05), ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ (Hambanthota International Port Group) රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දිවිත්වය (02) ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ALP Winger නම් ටග් යාත්‍රාව (01) සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාව (01) මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා මේවන විටත් සක්‍රීයව දායකත්වය ලබා දෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක් ද මෙම ආපදා සහන සැළසීමේ මෙහෙයුමට දහවල් කාලය පුරාම සහයෝගය දැක්වීය.

අද උදෑසන වන විට ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්  ඩ්‍රෝනියර් ගුවන් යානා දෙකක් (02) හදිසි අවස්ථාවකදී යොදා ගැනීම සඳහා මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථානගත කර තිබූ අතර, ඉන් එක් ගුවන් යානයක් ආපදාවට පත් නෞකාවේ වර්ථමාන තත්වය පිළිබඳ තොරතුරු නිරීක්‍ෂණය කර මෙහෙයුම් කණ්ඩායම් වෙත දැනුම් දීමෙන් පසු නැවතත් ඉන්දියාව බලා නික්ම යන ලදි.

ආපදාවට පත් නෞකාවේ ගින්න පැතිරයාම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ ආපදා මර්ධන මෙහෙයුම් කණ්ඩායම් විසින් සාර්ථකව පාලනය කර ඇති අතර, එම නෞකාව මගින් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවධානමක් මේ වන විට පැන නැගී නොමැත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.