පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය රැස්කරන්න එපා
- 2021-05-27 12:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරමින් සිටින බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාළ නෞකාව අනතුරට පත්වූ අවස්ථාවේ සිට සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිලධාරීහු කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසයි.
ඒ අනුව මෙම අනතුර හේතුවෙන් රට තුළට ඇතුළුවන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු කරනු ලැබ ඇති බවත් නිලධාරීන් පෞද්ගලිකවම අදාළ ස්ථාන වෙත ගොස් ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමට ද කටයුතු කරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අනතුර හේතුවෙන් එකතුවන අපද්‍රව්‍ය, “උපද්‍රවකාරී අපද්‍රව්‍ය” ලෙස සැලකෙන අතර ඒවා මෙතෙක් නිෂ්චිතව වෙන් වෙන්ව හඳුනාගෙන නොමැත. එබැවින් කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රටතුළට ගෙන ඒම, එක්රැස් කිරීම, වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ලීම අතිශයින්ම අනතුරුදායක විය හැකි බැවින් එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එලෙසම මෙම නෞකා අනතුර හේතුවෙන් යම්කිසි ප්‍රදේශයකට අපද්‍රව්‍ය එක්රැස්වේ නම් හෝ වෙනත් ඕනෑම ආකාරය පාරිසරික ගැටලුවක් පවතීනම් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන්ට හෝ 1981 ක්ෂණික ඇමතුම් අංකයට හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments