Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසර හානි කිරීම් වැළැක්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට අමාත්‍යාංශ 17ක අමාත්‍යාංශ ලේකම්වරු මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.

පරිසරයට සිදු කරන හානි කිරීම් පිලිබඳව වාර්තා වන කරුණු අධ්‍යයනය කිරීමේ දී එවැනි සිදුවීම් ඝෘජුවම පරිසර අමාත්‍යාංශයට අයත් නොවන අතර විෂය පථයන් අනුව ඇතැම් විට වනජීවි, වන සංරක්ෂණ, කෘෂිකර්ම, ධීවර, කර්මාන්ත වැනි අමාත්‍යාංශ විෂය පථයන් යටතේ ගැනෙන බව පෙනි යයි.

එහෙත් ඒවා ජනමාධ්‍ය තුළ ඝෘජුවම පරිසර හානි කිරීම් ලෙස වාර්තා වන හෙයින් ඒ සම්බන්ධව ඒකාබද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පෙනී යන හෙයින් පරිසර හානි කිරීම් වැළැක්වීම හා එවැනි සිදුවීම් වාර්තා වු සැනින් ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා මෙම පරිසර ආරක්ෂණ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය නිර්මාණය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය සාධනය හා ඒ සම්බන්ධව පවතින විගණනය සම්බන්ධව පැවැති සාකච්ඡාවේ දි අමාත්‍යවරයා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා කටයුතු කරන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම වැඩිපුරම පරිසර හානි කිරීම් සිදුවන ප්‍රදේශ මේ වනවිට හඳුනා ගෙන ඇති බැවින් එම ස්ථානවලට වැඩිපුර කාර්ය මණ්ඩල යෙදවීමට පියවර ගන්නා ලෙසද මධ්‍යම පරිසර අධිකාරියට අමාත්‍යවරයා විසින් නියෝග කළේය.

දැනට වැඩිපුරම පරිසර හානි සිදුවීම් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර ඉස්සන් කොටු තැනීම සඳහා කඩොලාන ආශ්‍රිත පරිසර හානි කිරීම් රැසක් වාර්තා වන බව පැවසීය. මේ සම්බන්ධව පවතින කාරනා සොයා බැලීමේ දී පෙනී යන්නේ ඉස්සන් කොටු සඳහා හෙළිපෙහෙළි කරන ඉඩම් වැඩි ප්‍රමාණයක් පුද්ගලික ඉඩම් වන බවයි. එහෙත් පුද්ගලික ඉඩමක වුවද කඩොලාන කපා ඉවත් කිරීම නීති විරෝධි වන නිසා එවැනි සිදුවීම් වැලැක්වීම සඳහා දැනට සිටින කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවන බැවින් අමතර කාර්ය මණ්ඩල පත් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

පරිසර හානි කිරීම් සිදු කරන තැනැත්තන්ට එම කටයුතු සඳහා  ඇතැම් රජයේ නිලධාරින් පවා සහයෝගය දක්වන බව පෙනී ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.