Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ 2022 මාර්තු 28-30 දිනවල දී දෙමුහුන් ආකාරයෙන් කොළඹ දී පවත්වනු ඇත.

2022 මාර්තු 28 සහ 29 යන දිනවල දී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය ලෙස ඊට සහභාගී වනු ඇත.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල නායකයින්ගේ අතථ්‍ය සහභාගීත්වයෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති 2022 මාර්තු 30 වන දින 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හොබවනු ඇත. මියන්මාරය නියෝජනය කරමින් මියන්මාර විදේශ අමාත්‍යවරයා මෙම සමුළුව සඳහා සහභාගී වනු ඇත.

සමුළුව සහ ඊට පෙර පැවැත්වෙන රැස්වීම් අතරතුර දී, නියෝජිතයින් විසින් බිම්ස්ටෙක් හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරනු ඇත.

මෙම සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.