ප්‍රාථමික අංශ ඇරඹෙයි
- 2021-10-25 19:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා පිහිටි රජයේ සියලූම පාසල්වල ප‍්‍රාථමික අංශය (1 සිට 5 දක්වා ශ්‍රේණි) අද (25) ආරම්භ විය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙම ශ්‍රේණි ආරම්භ වන බවත් දරුවන්ට පාසලට සුදුසු ඇඳුමකින් පැමිණිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි පළමු අදියර ලෙස සිසුන් 200ට අඩු පාසල්වල ප‍්‍රාථමික අංශය පසුගිය 21 වැනිදා ආරම්භ විය.
සිසුන් 40 ට වැඩියෙන් සිටින පන්ති පවත්වාගෙන යෑමේදී දරුවන් කොටස් වශයෙන් ගෙන්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන බවත් එම කටයුතු තීරණය කිරීමට විදුහල්පතිවරයාට සම්පූර්ණ අවසරය ලබාදී ඇති බවත් ලේකම්වරයා කීය.
මීට සමගාමීව රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සහ කතෝලික පාසල්වලද ප‍්‍රාථමික අංශ ආරම්භ කිරීමට තීරණය වී ඇති බවත් ඉදිරියේදී අනෙකුත් ශ්‍රේණිවල පන්තිද ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments