Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. 

රටේ සියලු‍ ම පාසල්  දරුවන්ට දිවා ආහාරය දෙන බව පවසන දේශපාලනඥයන් ඒ පිළිබඳ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ප්‍රායෝගික ව සිදු කර බලා මෙම ප්‍රකාශ සිදු කළ යුතු ව ඇතැයි ද ඒ මහතා මෙහි දී පැවසී  ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ ඉදි කළ  නව සය මහල් නේවාසිකාගාර සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, මීට වසර දෙකකට පෙර තිබූ තත්වය ඉතා කෙටි කලක දී හාත්පසින් ම වෙනස් කර රට තුළ සාධනීය වාතාවරණයක් නිර්මාණය කළ  බවයි. ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ  බවත් අද බොහෝ දෙනකුට පෙර තිබූ ව්‍යසනකාරී තත්වය යළි සිහිපත් කළ යුතු ව ඇති බවත් හෙතෙම  පැවසී ය.

දිනකට පැය 14ක විදුලි කප්පාදුවක් සමග දින ගණන් ඉන්ධන පෝලිම්වල සිටි යුගය  නිමා කළ බවත් රටේ පැවති යුද්ධය ද නිමා වී ප්‍රජාතන්ත්‍රවාදී  යාන්ත්‍රණය යළි යථාවත් වී ඇති විට එහි වටිනාකම බොහෝ දෙනකුට නොවැටහෙන බව ද හෙතෙම පැවසී ය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.