පාරාවෝ අමෙන්හොටෙප්ගේ මමිය ඩිජිටල් ලෙස දිග හරියි

2022 ජනවාරි මස 22 පෙ.ව. 08:09 - {{hitsCtrl.values.hits}}  

ඊජිප්තුව පාලනය කළ පාරාවෝ පිළිබඳ බොහෝ රහස් හෙළි කරමින් පළමු වරට ඊජිප්තු පර්යේෂකයන් පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය "ඩිජිටල් ආකාරයෙන් දිගහැර" ඇති බව කීර්තිමත් ඊජිප්තු විද්‍යාඥයෙක් අඟහරුවාදා පැවසීය.

පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය මත ඇති එතුම් ඩිජිටල් ආකාරයෙන් ඉවත් කිරීමට පර්යේෂකයන් විසින් උසස් එක්ස් කිරණ තාක්ෂණයක්, පරිගණකගත ටොමොග්‍රැෆි (CT) සහ උසස් පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිත කර ඇති බව පුරාවස්තු කටයුතු පිළිබඳ ඊජිප්තු රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කයිරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විකිරණවේදය පිළිබඳ මහාචාර්ය සහර් සලීම් සහ පුරාවස්තු විකිරණ විද්‍යාව පිළිබඳ විශේෂඥයන් ඇතුළත් පර්යේෂක කණ්ඩායම ප්‍රථම වරට පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මුහුණ, ඔහුගේ වයස, සෞඛ්‍ය තත්ත්වය මෙන්ම, මෙම මමියගේ අද්විතීය මමීකරණය සහ නැවත භූමදානය පිළිබඳ රහස් රැසක් හෙළි කළ බව අමාත්‍යවරයා පැවසීය.

ඩිජිටල් විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ පළමු වැනි අමෙන්හොටෙප්ගේ මුහුණ ඔහුගේ පියා වන පළමු වැනි අහ්මෝස්ගේ ස්වරූපයට සමාන බවයි. රජු වයස අවුරුදු 35 දී මිය යන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව විශ්වාස කෙරේ. මන්දයත් ඔහුගේ මරණයට හේතුව පෙන්නුම් කරන කිසිදු රෝගයක් හෝ තුවාලයක් මමියට නොපෙන්වන බැවිනි.

ටූටන්කාමන් සහ දෙවැනි රැම්සෙස් වැනි නූතන රාජධානිවල බොහෝ පාලකයන් ගේ මොළය ඉවත් කර එම්බාම් කිරීමේ ද්‍රව්‍ය සහ දුම්මල හිස් කබල තුළ තැන්පත් කළාක් මෙන් නොව, පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මොළය මමිකරණය කිරීමේ ක්‍රියාවලියේදී ඉවත් නොකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පළමු වැනි අමෙන්හොටෙප්ගේ මමිය 1881 දී ලක්සෝර් හි ඩීර්-එල් බහ්රි හි රාජකීය ගබඩාවේ තිබී සොයා ගන්නා ලදී. මන්දයත් 21 වැනි රාජවංශයේ පූජකයන් විසින් සොහොන් සොරකම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා පෙර සිටි බොහෝ රජවරුන් සහ බිසෝවරුන්ගේ මමී නැවත තැන්පත් කර සඟවා තැබූහ.

මෙම පළමු වැනි අමෙන්හොටෙප් රජු, හික්සෝස් යටත් කර ගත් සහ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ නව රාජධානියේ නිර්මාතෘ වූ පළමු වැනි අහ්මෝස් රජුගේ පුත්‍රයාය.

දින පොත