පාසල් අරඹන ලෙසට දරුවන් කළ ඉල්ලීම ඉටු කළා - අගමැති
- 2020-09-30 14:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30දා) පැවසීය.
කොළඹ හින්දු විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"එක් පාසලක් විවෘත කරන විට බන්ධනාගාර දහස් ගණනක් වැසෙනවා කියලා කතාවකුත් අප අතර තිබෙනවා.දරුවන් යහමඟට යොමු කර ඔවුන්ගේ අනාගතය නිසි මඟට ගැනීමේ විශාල වගකීමක් හා බැඳීමක් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට තිබෙනවා.
හොඳ අධ්‍යාපනයක් සහිත සිසුන් බිහිකිරීම හරහා රටේ ආර්ථිකය දියුණු කිරීමටත්, සමෘද්ධිමත් ජීවන පරිසරයක් නිර්මාණය කිරීමටත්, රට සමෘද්ධිමත් කිරීමටත්, ජනතාවගේ ආකල්ප සකස් කිරීමත් පාසලෙන් සිදුවන සුවිශාල මෙහෙයක්. රටක් වෙනස් කිරීමට හැකි වන්නේ අධ්‍යාපනය මඟිනුයි.
අද කොවිඩ් - 19 ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ සහයෝගයෙන් මේ අර්බුදය පාලනය කරගන්න අපිට හැකියාව ලැබුණා. මේ ගැටලු කිසිම අවස්ථාවක ඔබේ අධ්‍යාපනයට බලපෑමක් කර ගන්න එපා.
කොරෝනා තත්ත්වය නිසා පාසල් නිවාඩු දී තිබුණු කාලයේ නව තාක්ෂණය ඔස්සේ දරුවන්ගේ හඩට කන් දෙන්න මට හැකියාව ලැබුණා. ඒ අවස්ථාවේදී දරුවන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් පාසල් කටයුතු ආරම්භ කරන ලෙසයි.
මේ වෙද්දි සාර්ථකව තත්ත්වය පාලනය කරලා පාසල් කටයුතු ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුණා. පාසල් ආරම්භ කරන්න කළින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කළා."
Reply To:
Name - Reply Comment
0 Comments