පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වාගෙන යාමට පියවර
- 2022-12-20 11:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලු පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වා ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම පාසල් කටයුතු වලට අදාල තවත් පාර්ශව ගණනාවක නිලධාරීන් සහභාගී විය.
පන්ති කාමරයේ මෙන් ම පාසල් පරිශ්‍රය ප්‍රියජනක ස්ථානයක් මෙන් ම මානසික තෘප්තිමත් බාවයකින් දරුවනට ඉගෙනුම් කටයුතු වල නිරත විය හැකි ස්ථානයක් බවට පත් කිරීම සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ මෙම අවස්ථාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
එසේම පවත්නා චක්‍රලේඛවල තවදුරටත් අවධානය යොමු විය යුතු කරුණු පිළිබඳ ව නැවතත් විදුහල්පතිවරුන් වෙත දන්වා යැවීමට ද සාකච්ඡා කළ අතර ඉදිරියේ සිසුන්ගේ බෑග් ආදිය පරික්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් එය විදුහල්පතිවරුන් විසින් ගුරුමණ්ඩලය, ශිෂ්‍ය නායක/ නායිකාවන් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට ද තීරණය කරන ලදි.
Reply To:
Name - Reply Comment
0 Comments