පාසල් පොතේ අත්සන් තබා ටියුෂන් කළ ගුරුවරයාගේ වැඩ තහනම්
- 2024-07-18 09:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනුරාධපුර නිවන්තකචේතිය විදුහලේ උසස් පෙළ ගණිත අංශ ගුරුවරයකු පාසල් කාලයේදී පාසලට පැමිණි බවට අත්සන් තබා පිටතට ගොස් පුද්ගලික පන්තියක (ටියුෂන්) ඉගැන්වීම් කටයුතු වලට ගොස් සිටිම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
අදාළ ගුරුවරයා ඊයේ (17දා ) පාසලට පැමිණ අත්සන් තබා පාසලෙන් පිටවී ගොස් පුද්ගලික අමතර පංතියක් සිදු කරන බවට ලද තොරතුරක් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා සහ පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන),කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සමග පාසලට ගොස් තිබේ.
එහිදී පාසලේ ආරක්ෂක අංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන්ට සඳහන් කර ඇත්තේ අදාල ගුරුවරයා පාසලෙන් පිට වූ බවය.
අනතුරුව අදාළ පැමිණීමේ ලේඛන පරීක්ෂාවේදී අදාළ ගුරුවරයා පාසලට පැමිණි බවට අත්සන් තබා තිබූ බව සමරකෝන් මහතා සඳහන් කළේය.අදාළ ගුරුවරයාට පාසලේ වෙන්කර තිබූ කාලච්ඡේද තුනක් මගහැර පිටතට ගොස් ඇති බවට එහිදී අනාවරණය කර ගෙන ඇත.
මේ ගුරුවරයා පාසලෙන් පිටතට ගිය බවක් තමා නොදන්නා බවත් තමා කිසිදු ආකාරයකින් එම ගුරුවරයා තමා දැනුවත් නොකල බවද මෙහිදී එම පාසලේ විදුහල්පතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන් බවද පළාත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
එම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන අදාළ ගුරුවරයාගේ වැඩ තහනමකට ලක් කල බවද පළාත් අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments