පාසල් විෂය මාලා පිළිබඳ වසර 20කින් පමණ අවධානයක් යොමු කර නෑ
- 2021-03-14 18:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැනට පවත්නා පාසල් විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ නොගැලපෙන බවත් රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විෂයමාලා නවීකරණය ප්‍රමුඛ අංගයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
මාතර රාහුල විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.
පාසල් විෂය මාලාව පමණක් නොව, මෙරට විශ්වවිද්‍යාල පාඨමාලාවන් ද නූතන රැකියා වෙළෙඳපොළ අවස්ථා සමඟ බද්ධ නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය වැනි විෂයන්හි නව දැනුම විෂයමාලා අන්තර්ගතයට එක් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පියවර ගනු ලබන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය .
මෙරට පාසල් වල පවත්වාගෙන යන ආදිශිෂ්‍ය සංගම් මේ වනවිට බොහොම ශක්තිමත් බවත් ඒ සියලුදෙනාගේම අදහස්, සහය සහ සහභාගිත්වය ඇතිව මෙම විෂයමාලා නවීකරණය පිළිබඳ කටයුත්ත කෙරෙන බවත් එමෙන්ම පුරවැසියන්, ගුරුවරුන්, ආගමික නායකයන් ආදී මේ සියලු දෙනාගේ අදහස් ලබා ගැනීම සඳහා මාර්තු මාසයේ ඩිජිටල් වේදිකාවෙන් ආරම්භ කරන බවද පැවසීය.
එමෙන්ම එළඹෙන අප්‍රේල් මාසයේදී ජාතික පාසල් නගාසිටුවීමේ වැඩසටහන ද ආරම්භ කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පළමු අදියර යටතේ ජාතික පාසල් 123 ක්ද , දෙවැනි අදියර යටතේ ජාතික පාසල් 673 ක්ද ආරම්භ කරන බව ප්‍රකාශ කළේය .
රාහුල විද්‍යාලයට ලබා දී තිබෙන ගොඩනැඟිලි පාසලේ ප්‍රයෝජනයට පමණක් නොව සමස්ත මාතර ප්‍රජාවගේම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉඩප්‍රස්ථාව සැලසිය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
Reply To:
Name - Reply Comment
0 Comments