පාසල් හා පෙරපාසල්වලට ඇස්බැස්ටස් තහනමක්
- 2021-03-16 15:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලුතින් ඉදි කරන පාසල් හා පෙර පාසල් ගොඩනැගිලි හා සඳහා ඇස්බැස්ටස් භාවිතය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2021 වසර අවසානයට පෙර රජයේ ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් භාවිතය සීමා කිරීමේ මූලික අදියර යටතේ මෙම තීරණය ගෙන ඇත.
මේ අතර ඇස්බැස්ටස් භාවිතය වෙනුවට විකල්පයක් ලෙස උළු නිෂ්පාදනය ඉහළ දැමීමට පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව පවතින මැටි හිඟයට පිළියමක් ලෙස යාන් ඔය ආශ්‍රිතව උළු නිෂ්පාදන කර්මාන්තපුරයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.තවත් වසර 200ට පමණ අවශ්‍ය මැටි මෙම නිධිය තුළ පවතින බවට මේවනවිට ගණන් බලා ඇති බව සඳහන්ය.
මේ අතර මා ඔය දෙපස පිහිටි මැටි නිධි ඉලක්ක කර ගනිමින් මේ වනවිට ස්ථාපිත කර ඇති උළු කර්මාන්ත ශාලා සඳහා මැටි ලබා ගැනීමේ ගැටලු උද්ගතවෙමින් පවතින අතර, මා ඔය ආශ්‍රිත මැටි නිධිය කැණීම තුළ මා ඔයට සිදුව ඇති බරපතළ පාරිසරික හානිය හේතුවෙන් කෙටි කාලයක් තුළ එම නිධිය අවසන් වනු ඇති බවට මේ වනවිට නිරීක්ෂණය කර තිබීම ඊට හේතු වී ඇත. (WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments