Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පවතින දුෂ්කර කාලය පසුකර යෑමට සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අලුත් අවුරුදු පණිවිඩය යොමුකරමින් ඔහු සඳහන් කරන්නේ අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටින බවයි.

සිංහල - දෙමළ අලුත් අවුරුදු පණිවුඩය

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ උරුමයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

දුක්ඛ දෝමනස්සයන් පහ කොට සතුට ළඟාවීමේ අපේක්ෂාව සංකේතවත් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප සියලු දෙනාගේ මහා සංස්කෘතික මංගල්‍යයයි.

කෘෂිකර්මය පදනම් කරගත් ඓතිහාසික සමාජ සංස්කෘතික වටිනාකම් පරපුරෙන් පරපුරට දායාද වන අලුත් අවුරුදු උත්සවය සිංහල දෙමළ ජනතාවගේ අතීත සබැඳියාව  සිහිගන්වයි.

නැකත් චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් අප සියලු දෙනාගේ අපේක්ෂාව අලුත් අවුරුද්දේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමයි.

පවතින දුෂ්කර කාලය පසුකර යෑමට වුවද අප සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු වේ.

අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ඔබ අප මුහුණ දුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය දැනටමත් ක්‍රියාවට නංවමින් සිටියි.

ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ට උදාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!යැයි ප්‍රාර්ථනා කරමි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.