Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රැසියන් විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ පිළිකා නාශක එන්නත මේ වනවිට පුවත් මවයි. රැසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උපදෙස් දී ඇත්තේ මෙම එන්නත පිළිකා ආසාදනය වූ රැසියානුවන් සියලු දෙනාට නොමිලේ ලබා දෙන බවය.

මෙම එන්නත නම් කර ඇත්තේ එන්ටරෝමික්ස් Enteromix යනුවෙනි. මෙම එන්නත mRNA තාක්ෂණය භාවිතයට ගනිමින්, නිර්මාණය කරන ලද්දකි.

කොරෝනා

මතකද කොවිඩ් 19 වසංගතය ලොව පුරා ඔඩුදුවද්දී, ලොව ප්‍රධාන පෙළේ රටවල් ඔවුන් සතු තාක්ෂණය භාවිතයට ගනිමින් කොවිඩ් 19 වයිරසය පාලනයට ප්‍රතිශක්තිකරණ එන්නත් ලහිලහියේ නිපදවීය. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග හතරකට නිර්මාණය විය.

එයින් එක් සාර්ථක එන්නත් වර්ගයක් වූයේ mRNA එන්නත්ය. රැසියාවේ ගමාලෙයා ජාතික අණුක ජීව විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් කොවිඩ් 19 වයිරසයට එරෙහිව සාර්ථක ප්‍රතිශක්තීකරණ එන්නතක් නිර්මාණය කළේ ස්පුට්නික් 5 යනුවෙනි.

එන්ටරෝමික්ස්

mRNA යනු Messenger Ribonucleic Acid යන්නෙහි කෙටි යෙදුමය. සරලව පැහැදිලි කළොත් mRNA යනු අප සිරැරේ ඇති සෛලතුළ වැදගත් කාර්යයක් ඉටු කරන අණුවකි. සිරැරේ ඩී.එන්.ඒ. DNA තුළ ඇති ජානමය තොරතුරැ සෛලවල ප්‍රෝටීන් නිෂ්පාදනය කරන ස්ථාන වෙත ගෙන යෑම සිදු කරන්නේ, එසේත් නැතිනම් ජානමය තොරතුරැ සෛලවල ප්‍රෝටීන් නිෂ්පාදනය කරන ස්ථාන වෙත ගෙන යෑමට පණිවුඩ ලබා දෙන්නේ mRNA ය.

සෛලවලට අවශ්‍ය ප්‍රෝටීන නිපදවා ගැනීම සඳහා mRNA උපකාරී වෙයි. ස්පුට්නික් 5 එන්නතේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින්, කොවිඩ් 19 එන්නත්වල භාවිත කරන mRNA තාක්ෂණයම භාවිත කරමින්, රැසියන් විද්‍යාඥයන් වසර තුනක් පර්යේෂණ කළේ පිළිකා නාශක එන්නතක් නිර්මාණය සඳහාය. එහි ප්‍රතිඵලය වූයේ එන්ටරෝමික්ස් Enteromix එන්නතය.

වයිරස 4 ක්

විද්‍යාඥයන්, Enteromix එන්නත නිර්මාණය කර ඇත්තේ අපට හානි නොකරන වයිරස වර්ග 4 ක් යොදා ගනිමිනි. Enteromix එන්නත එක් එක් පිළිකා රෝගියාට වෙන වෙනම ලබා දෙයි. ඒ, එම රෝගියාගේ ඩී.එන්.ඒ.වලට අනුව එය නිර්මාණය කිරීමෙනි.

පොදුවේ සියලු පිළිකා රෝගීන්ට Enteromix එන්නත ගැළපෙන්නේ නැත. පිළිකා වර්ග අනුව ද එන්නත විශේෂයෙන් සකස් කිරීමක් සිදුවෙයි. එන්නතට යොදා ගන්නා වයිරස 4, සෘජුවම පිළිකාමය අර්බුද (tumors) විනාශ කිරීමේ අරමුණින් මේවා නිර්මාණය වෙයි.

වයිරස, පිළිකාවට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරය (anti-tumor immune response) තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වෙයි. සිරැරේ ප්‍රතිශක්තීකරණය යොදා ගනිමින් පිළිකාව මර්දනය කෙරේ.

නොමිලේ දෙන්නේ

මූලික වටයේ සායනික අත්හදා බැලීම්වලදී, මෙම එන්නත, ඉතා ආරක්ෂිත බව තහවුරැ වී ඇත. පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරීම හෝ ඒවා වර්ධනය වීම අඩපණ කිරීමට මෙම නව එන්නත සමත් වී ඇත. සෑම රෝගියකුටම ඔහුගේ සිරැරට ගැළපෙන පරිදි එන්නත ඔහු හෝ ඇය වෙනුවෙන් ම නිර්මාණය කෙරේ.

Enteromix එන්නත නිල වශයෙන් හඳුන්වා දීම මේ වනවිට සිදුවී අවසන් වන අතර, ඔක්තෝබරයේ සිට, එය මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ සිටින පිළිකා රෝගීන් කිහිප දෙනකුට ලබා දීමට තීරණය කර ඇත. එන්නතේ නිෂ්පාදන පිරිවැය රෑබල් 300,000 (ඇමරිකානු ඩොලර් 2,870) කි. එසේ වුවත්, රැසියාවේ සියලු පිළිකා රෝගීන්ට එය නොමිලේ ලබා දීමට රැසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇත.

එන්නත නිර්මාණයේ දී රැසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ රේඩියෝලොජිකල් මධ්‍යස්ථානය (National Medical Research Radiological Centre), රැසියානු විද්‍යා ඇකඩමියේ එංගල්හාර්ඩ් අණුක ජීව විද්‍යා ආයතනය (Engelhardt Institute of Molecular Biology) එක් වි ඇත. එන්නතේ මුල් සායනික අත්හදා බැලීම් සාර්ථක බව පැහැදිලි කරමින්, එන්නත ගැන ලොවට හෙළි කළේ රැසියානු ෆෙඩරල් වෛද්‍ය හා ජෛව ඒජන්සියේ (FMBA) ප්‍රධානී, වෙලොනිකා  ස්ක්වොර්ටස්සෝවා ය.

රෝගී තත්ත්වයක්

පිළිකා යනු ශරීරයේ සෛලවල ඇතිවන රෝගී තත්ත්වයකි. සිරැර ට්‍රිලියන ගණනක සෛලවලින් සමන්විත වන අතර, සාමාන්‍යයෙන් මෙම සෛල වර්ධනය වී, බෙදී, අවශ්‍ය වූ විට මිය යයි. නමුත් පිළිකාවකදී, සෛල පාලනයකින් තොරව වර්ධනය වීමට පටන් ගනී. මෙම අසාමාන්‍ය සෛල, නිරෝගී සෛල මෙන් නොව, මිය නොයන අතර, අඛණ්ඩව බෙදී නව අසාමාන්‍ය සෛල නිපදවයි.

පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුව සෛලයේ ඩි.එන්.ඒ. (DNA - deoxyribonucleic acid) වල සිදුවන වෙනස්කම් (mutations) ය. ඩි.එන්.ඒ. යනු සෛලයේ ක්‍රියාකාරීත්වය මෙහෙයවන ජානමය තොරතුරැ අඩංගු අණුවය. ඩි.එන්.ඒවල හානි සිදුවූ විට, සෛලය අලුත්වැඩියා විය යුතුය, නැතිනම් මිය යා යුතුය. නමුත් පිළිකා සෛලවලදී, මෙම හානි වූ ඩි.එන්.ඒ අලුත්වැඩියා නොවී, පාලනයකින් තොරව සෛල බෙදීමක් සිදු වේ.

ලුසිත ජයමාන්න

රැසියන් මාධ්‍ය ඇසුරිනි

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.