පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්
- 2020-11-20 09:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ 19 දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව මේ වන විට සකස් කොට තිබෙන දළ පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනයටත් එහි සිදු විය යුතු සංශෝධන පිළිබඳ සොයා බලා අවසන් තීරණයක් ගැනීම සඳහාත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේගේ සභාපතිත්වයෙන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් එහිදී පත් කෙරිණි.
ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ සහිත ව මේ පිළිබඳ අවසන් තීරණ ගැනීම පිණිස 2020/12/11වැනි දින අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත ය.
මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, පළාත් සභා, ජාතික ළමා ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments