පෙර පාසල් වසා තැබීමක් නෑ
- 2022-02-03 11:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස. උසස් පෙළවිභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පෙර පාසල් වසා නොතබන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුකූලව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් සාමාන්‍ය පරිදි පෙරපාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද එම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ගෝලීය කෝවිඩ් අර්බුදය හමුවේ පෙරපාසල් දිගු කාලයක් වසා තැබීමට සිදු වූ බැවින් වර්තමානයේ හැකි සෑම අවස්ථාවකම දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී එයට මූලිකත්වය ලබාදෙමින් විභාග කටයුතු සඳහා ශාලා පහසුකම් ලබාදීමේ අවශ්‍යතාව මත ප්‍රාථමික අංශ සහ ප්‍රාථමික විදුහල් වසා තැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
Reply To:
Name - Reply Comment
0 Comments